Wednesday, November 11, 2026
HomeNEWSනිරෝධායන රීති කැඩූ වැඩිම පිරිස ඊයේ අත්අඩංගුවට

නිරෝධායන රීති කැඩූ වැඩිම පිරිස ඊයේ අත්අඩංගුවට

නිරෝධායන රීති කඩකිරීමේ චෝදනාව මත ගතවූ පැය 24ක කාලය තුළ පොලීසිය විසින් සැකකරුවන් 1,353 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන රීති ක්‍රියාත්මකවීම ආරම්භ වූ පසුගිය 2020 වසරේ මාර්තු මස 20 වනදායින් පසු එක් දිනක් තුළදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති  සමස්ත සංඛ්‍යාව 31,395කි.

මේ අතර පළාත් මායිම් සීමා උල්ලංඝනය කිරීමට පැමිණි පිරිසක් ඊයේ දිනයේද යළි හරහා යැවීමට කටයුතු කර තිබූ බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

බස්නාහිර පළාත තුළ ඊයේ (12) දිනයේදී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

උදෑසන 10 සිට 12 දක්වාත් සවස 3 සිට 5 දක්වාත් කාලය තුළ එම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර එහිදී පුද්ගලයින් 11,723ක් පරීක්ෂාවට ලක්කර තිබේ.

ඉන් නිරොධායන රීති දැඩිව උල්ලංඝනය කරමින් කටයුතු කළ 354ක් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 75කි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img