Wednesday, November 11, 2026
HomeNEWSතරුණයාගේඅනාගතයතාක්ෂණිකහාඩිජිටල්ලෝකයවෙතගෙනයාමටනවතාක්ෂණිකඋද්‍යාන - (Technology Parks) බිහිකිරීමඇරඹෙයි.

තරුණයාගේඅනාගතයතාක්ෂණිකහාඩිජිටල්ලෝකයවෙතගෙනයාමටනවතාක්ෂණිකඋද්‍යාන – (Technology Parks) බිහිකිරීමඇරඹෙයි.

තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම, නිපුණත්වය වර්ධනය කර, ඔවුන් අනාගත ලෝකය වෙනුවෙන් බලගන්වමින් මෙරට තාක්ෂණික කේෂ්ත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීම අරමුණු කරගනිමින් මෙරට ඉඳිවන  ප්‍රථම නව තාක්ෂණික උද්‍යානය පිහිටුවීම  ඊයේ (12)  දින ගාල්ලේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ලංකාව පුරා තාක්ෂණික උද්‍යාන 05ක් ඉදි වේ.

අපේ රටේ තරුණයාගේ අනාගතය නූතනත්වය සමගින් තාක්ෂණික හා ඩිජිටල් ලෝකය වෙත විවර කර ඒ තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම  මෙම නව තාක්ෂණික උද්‍යාන ස්ථාපිත කිරීමේ අරමුණ වෙයි.

ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහය ඇතිව ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් මෙරට  බිහිවන පළමු වන තාක්ෂණික උද්‍යානයේ කටයුතු ඊයේ දින ඇරඹිණි.

එහි භූමිය සකස් කිරිමේ කටයුතු කඩිනමින් නිම කර අදියරෙන් අදියර  ගොඩනැගිලි ඉඳිකිරීමේ අවසන් කර මාස 03ක් ඇතුළත මෙම නව තාක්ෂණික උද්‍යානය ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව තාක්ෂණ උද්‍යාන 05ක් අපේ රටේ ස්ථාපිත කරනවා. 

ඒ තුළ ඉදිරියට මේ රටේ ආර්ථිකය ශක්තිමත් කර රැකියා උත්පාදනය මගින් විදේශ විනිමය ලංකාවට ගෙනඒමේ සැලැස්ම අපි හදලා තිබෙනවා.

අපි නිරන්තරයෙන්  කතා කරන්නේ අප ලෝකයා සමග ගනුදෙනු කළ යුතු බවයි.

ඊළග පරම්පරාවට සරිලන ආකාරයේ සංවර්ධනයක් අපේ රටේ ඇති කළ යුතුයි.

මෙම තාක්ෂණ ගම්මාන 05 තුළ අපේ රටේ තරුණයාගේ අනාගතය නිවැරදි මාවතට යොමු කරනවා වගේම නූතනත්වය වෙත ගමන් කිරීමට ද ඔහුට හැකියාව ලැබෙන බව අපි විශ්වාස කරනවා. 

ඉදිරි මාස කිහිපය ඇතුළත කුරුණෑගල, මහනුවර, සහ අතිගරු ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කොට උතුරු නැගෙනහිරත් මෙම නව තාක්ෂණික උද්‍යාන ස්ථාපිත කිරීමට අප කටයුතු කරනවා.

තරුණයා අපේක්ෂා කරන තාක්ෂණික හා ඩිජිටල් ලෝකය  වෙත ගමන් කිරීමට  ඔහුට මේ තුළ නව ආරම්භයක් සැකසෙනවා.

මෙම නව තාක්ෂණික ගම්මාන  තුළ දේශීය තාක්ෂණයට හා දේශීය නව නිපැයුම්වලට ප්‍රමුඛතාවය හිමිවන අතර ජාතික හා ජාත්‍යන්තර වෙළඳපොළට ඉඩ හදන කේන්ද්‍රස්ථාන බවට මෙම නව තාක්ෂණික උද්‍යාන පත්වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාස කරන බව ද පැවසීය.

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්‍ත අමාත්‍ය රමේෂ් පතිරණ, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  සම්පත් අතුකෝරල, ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා, පළාත් ප්‍රධාන ලේකම්තුමා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img