ඉතිහාසයේ නිර්ලජ්ජිතම සහ,නින්දා සහගතම ඉන්ධන මිල වැඩි කිරීමේ තීන්දුව ආණ්ඩුව විසින් ගත් අතර,එම තීන්දුව මේ වනවිටත් රට පුරා දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබේ.අදාල තීන්දුව ගත්තේ කවුදැයි කියා නොදන්නා තරමට ආණ්ඩුව ද විහිලුවක් බවට පත්ව තිබේ.තමන් විසින් සාමූහිකව ගත් තීන්දුව එසේ නොවන බවට පවසමින් එක් අයෙකු ගිලටීනයට දැක්කවීමට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය කටයුතු කරමින් සිටී.
තමන්ගේ අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් අවසානයේ ගිලටීනයට යන්නේ ආණ්ඩුවේ කිසිවෙකු නොව අහිංසක ජනතාවය.
⏹ආණ්ඩුව විසින් එකිනෙකාට දෝෂාරෝපණය කරගැනීමෙන් ජනතාවට සිදුවන සෙතක් නැත.ආණ්ඩුවේ පවතින බල අරගලය ආණ්ඩුව විසින් විසඳා ගතයුත්කත් වන අතර ඒ අරගලයේ වින්දිතයන් බවට ජනතාව පත්කොට පෙළනතුරු බලා සිටීමට අප සූදානම් නැත.
⏹එබැවින් අප ආණ්ඩුවට අවධාරණය කරන්නේ ආණ්ඩුව විසින් තෙල් මිල ඉහළ දැමීමට ගත් අත්තනෝමතික,සාහසික තීන්දුව වහාම හකුලාගන්නා ලෙසය.
⏹එය එසේ නොකර, හුදෙක් මාධ්‍ය සංදර්ශන තුළින් ජනතාවට කිසිදු සෙතක් සැලසෙන්නේ නැති අතර මෙවන් ප්‍රාථමික සහ සිල්ලර විහිළු වසර දෙකක් තිස්සේ ජනතාව අත්දැක ඇති බවද අපි ආණ්ඩුවට සිහිපත් කරමු.
එබැවින්,
කොරෝනා හමුවේ දැඩි පීඩනයකට හසුව,වේලක් නොකා වේලක් කමින් දුක් විඳින මිනිසුන් සිටින රටක, ආණ්ඩුව බල උන්මාදයෙන් ද,වගකීම් විරහිතව ද ගනු ලැබූ අත්තනෝමතික තීන්දුව දෙවරක් නොසිතා වහාම ආපසු හරවා,තෙල්මිල අඩුකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරමු.
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සහ සමඟි ජනබලවේගයේ නායක






















