Wednesday, November 4, 2026
HomeNEWSදක්ෂිණ අධිවේගයේ අනතුරක් - රියදුරාටත් ප්‍රහාරයක්

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – රියදුරාටත් ප්‍රහාරයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී බස් රථයක සහකන්ටේනර රථයක් ගැටී තිබුණි.

එහිදී පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය පවසයි.

ඊයේ (26) රාත්‍රී 10.00 පමණ එම අනතුර සිදුව තිබුණේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර උතුර, පැල්පොළ ප්‍රදේශයේදීය.

කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් කන්ටේනර් රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී එම අනතුර සිදුව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 38 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වෙයි.

අනතුරින් පසු වහා ක්‍රියාත්මක වූ ගැලනිගම පොලිස් ස්ථායේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ තුවාලකරුවන්ව කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සිදුවූ අවස්ථාවේදී බස් රථයේ පැමිණි මගී කාන්තාවක් කන්ටේනර් රථයේ රියදුරාට පහරදීමත් සමග සෙසු මගින්ද ඔහුට පහරදී ඇතැයි පොලීසිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

PSTA – PTA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරය පාර්ලිමේන්තුව පිවිසුම් මගෙහි විරෝධතාවයක

" රාජ්‍ය ත්‍රස්තවාදී PSTA - PTA පනත් ඉරා දමනු ! ජනතාව අපරාධකරුවන් කරන OCA ඉරා දමනු ! " යන සඨන් පාඨ මූලික කරගනිමින් ජන...

මාලිමා ආණ්ඩුව වමට සිග්නල් දමා දකුණට යනවා- විපක්ෂ නායක සජිත්

වමට සිග්නල් දමා දකුණට යන නව ලිබරල්වාදී මාලිමාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන එකින් එක අනාවරණය කරනවා- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කරයි ඉස්සර...

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල රාජ්‍ය නායකයින් සමඟ අග්‍රාමාත්‍යතුමිය සාකච්ඡ ආරඹයි

පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් සමඟ අග්‍රාමාත්‍යතුමිය ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙයි ඇන්ටිගුවා සහ බාබුඩාහි පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM)...

අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ට්‍රම්ප්ගේ බලකොටු බිඳ වැටෙයි

2026 අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් බහුතර බලය වන මන්ත්‍රී ආසන 218 සීමාව ඉක්මවා යමින් ඩිමොක්‍රටික් පක්ෂය ආසන 244ක බලට හිමිකරගනු ඇති බවට පුරෝකථනය කෙරේ -...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img