“දරුවන් ආයතනගත වීම වැළක්වීමේ ශිෂ්‍යධාර වැඩසටහන – 2023 ” යටතේ සිසු දරුවන් සදහා ශිෂ්‍යාධාර සංකේතාත්මකව බෙදා දීමේ උත්සවයක් 2023-11-28 දින පස්වරුවේ දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී.ඩබ්ලිව් ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.මෙහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ ශිෂ්‍යාධාර ලාභී දරුවන් 190 ක් අතරින් තෝරාගත් දරුවන් 30 කු වෙනුවෙන් සංකේතාත්මකව ශිෂ්‍යාධාර චෙක් පත් ප්‍රදානය ගරු ආණ්ඩුකාරතුමාගේ සුරතින් සිදුවිය.දකුණු පළාත් සමාජ සුබ සාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් දකුණු පළාතේ දරුවන් හට සුරක්ෂිත හෙට දවසක් උදාකර දීම වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබන අතර දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත්, නොමග ගිය හා සමාජ අසාධාරණයන්ට ලක් වූ ළමුන් සඳහා රැකවරණය සපයමින් ඔවුන් සඳහා නිසි මග පෙන්වීම තුළින් විනය ගරුක මානව සමාජයක් බිහිකිරීම දෙපාර්තමේන්තු කාර්ය භාරය වේ.ඒ අනුව දෙපාර්තමේන්තුව යටතේ දරුවන් වෙනුවෙන් සේවාවන් සපයන ආයතන රැසක් ඇත. අනාථ, අසරණ හා අත්හල දරුවන් සඳහා රැඳවුම් නිවාස ස්ථාපිත කර ඇති අතර එම ආයතන සඳහා දරුවන් යොමු කිරීම විවිධ හේතුන් මත සිදු වේ. උසාවි නියෝග මත, භාරකරුවන් නොමැතිව, ආදී විවිධ හේතුන් මත මෙම නිවාස සඳහා දරුවන් යොමු කරන අතර නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි ආර්ථික අපහසුතා වලින් පෙලෙන පවුල් වල දරුවන් ද මෙසේ නිවාස ගත වන බව අනාවරණය වී ඇත.ඒ අනුව 2023 වර්ෂය සඳහා අදියර 02 ක් වශයෙන් ශිෂ්‍යාධාර ලබාදීම සිදු කරන ලද අතර, ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යාධාරලාභීන් 190 ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 60ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 152 ක් වශයෙන් ශිෂ්‍යාධාරලාභීන් 402 ක් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමට අපේක්ෂිතය. ඒ අනුව එක් ශිෂ්‍යාධාර ලාභියෙක් සඳහා වසරකට රු. 18,000.00 බැඟින් ශිෂ්‍යාධාරලාභීන් 402 ක් සඳහා රු. මිලියන 7.2 ක මුදලක් දකුණු පළාතේ ආයතනගත වීමට අවධානමක් ඇති දරුවන්ගේ සුභසිද්ධිය සඳහා ශිෂ්‍යාධාර වශයෙන් ලබාදීමට නියමිතය.මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ක්‍රීඩා හා සංස්කෘතිය කටයුතු අමාත්‍යංශයේ ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා, දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පළාත් කොමසාරිස් රසිකා යූ. අයි. දිසානායක මහත්මිය, ආණ්ඩුකාර සහකාර ලේකම් ජයන්ත මහත්මා, ශිෂ්‍යාධාර ලාභී සිසු දරුවන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.






















