කියුබාව තුළ ඇතිවී තිබෙන දැඩි ඉන්ධන හිගය හේතුවෙන් අද දිනයේ දී ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අත්හිටුවීමට තීරණය කර ඇත.
සමාජවාදී පාලනයක් සහිත රටක් වන කියුබාව ගත් මෙම තීරණය එරට ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇති අතර අද දිනයේ එරට හවානා අගනුවර පිහිටි විප්ලවීය චතුරස්‍රය මුළුමනින්ම පාළුවට යනු ඇත.
ආසන්න දිනවල දී කියුබාවේ මෝටර් රථ හිමිකරුවන් දිවා රාත්‍රී දින ඉන්ධන පිරවුම්වල් ඉදිරිපිට පෝලිම්වල රැඳී සිටිමින් ඉන්ධන ලබා ගැනීමේ උත්සාහයක නිරතව සිටිති.






















