Thursday, September 17, 2026
HomeNEWSදිවයින පුරා අලුතින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් පිහිටුවීමට සැලසුම්.

දිවයින පුරා අලුතින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් පිහිටුවීමට සැලසුම්.

රට තුල ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම වෙනුවෙන් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සමූහයක් ස්ථාපිත කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.03.20 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණ.මෙම බහුවිධ සංවර්ධන ව්‍යාපෘතිය මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව ක්‍රියාත්මක වේ.

ඒ අනුව මොරටුව, රාගම, කඩවත, ගම්පහ, මාළඹේ, අතුරුගිරිය, කටුනායක යන නගර සහ උපනගර කේන්ද්‍ර කර ගනිමින් ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඊට අදාළ සැලසුම් වාර්තා මෙහිදී ඉදිරිපත් කෙරිණ. එමෙන්ම මහනුවර සදහා ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර ගාල්ල දිස්ත්‍රීක්කයේ දෙවට ප්‍රදේශයට ද නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයන් යෝජනා වී ඇත. දැනට ඉදිකිරීම් මට්ටමේ පවතින අනුරාධපුර ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සියයට හතළිහක් පමණ අවසන් වී ඇති බව ද අනාවරණය විය.
නිසි ශක්‍යතා අධ්‍යයනයකින් පසු විධිමත් සැලසුමකට අනුව මෙහි ඉදිකිරීම් අරඹන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.

අධික ජන සංඛ්‍යාවක් සහිත කොළඹ නගරය ආශ්‍රිතව දිගු කලක් පවත්වාගෙන යන රජයේ කාර්‍යාල වල කොළඹින් පිටතට විතැන් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ මධ්‍යම ගමනාගමන මණ්ඩලය (CTB) ජාතික ප්‍රවාහන කොමිසම (NTC) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව (SLR) ඇතුළු ආයතන වල මනා ඒකාබද්ධ සම්බන්ධීකරණ ක්‍රියාවලියක් තුල, මෙම ඉදිකිරීම් සිදුකල යුතු බවයි.

එමෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට එකඟතා ඇති කර ගත් සාධනීය කරුණු සහිතව, ගරු ජනාධිපතිතුමා දැනුවත් කර, වඩාත් සංවිධාන ශක්තියක් ඇති කර ගෙන සැලසුම් කළ දින වකවානුවලට නිම කිරීමට, ක්‍රියා කරන ලෙස ද අමාත්‍යවරයා පැවසී ය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ අමාත්‍යංශය නියෝජනය කරමින් නිලධාරී මඩුල්ලක් ද ව්‍යාපෘති භාර ආයතන ප්‍රධානීන් විෂයය භාර නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මට්ටක්කුලියේ මාරක අනතුරක්.. තිදෙනෙකු මරුට

මට්ටක්කුලිය - රාස්සමූණකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මරුට. 05 කට වැඩි පිරිසකට තුවාල: පොලිසිය .

මහජන අධීචෝදනා අධ්‍යක්ෂ තනතුර ඇති නොකරන්නේ ඇයි? ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 16 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. දැන් මේ...

නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් සිද්ධියට අදාලව ඇ:ඩො:මි: 2 ක් අයථා පරිහරණ චෝදනාවට සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ පා. ම. නාමල් රාජපක්ෂ ලබන 23 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව...

මන්නාරම රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ දියුණු වන මන්නාරම දිස්ත්‍රික්ක තුළ ඉහළ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img