Sunday, September 13, 2026
HomeNEWSදිස්ත්‍රික්ක 16කින් කොවිඩ් ආසාදිතයින් - වැඩිම කොළඹින්

දිස්ත්‍රික්ක 16කින් කොවිඩ් ආසාදිතයින් – වැඩිම කොළඹින්

දිස්ත්‍රික්ක 16කින් කොවිඩ් ආසාදිතයින් – වැඩිම කොළඹින්

ඊයේ (20) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 594 දෙනෙක් හඳුනාගත් අතර, ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වී තිබේ.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 253ක් වාර්තා වු බවය.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124ක් හා මහනුවරින් ආසාදිතයින් 62ක් වාර්තා වී තිබේ.

ආසාදිතයින් 153 දෙනෙක් සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

කළුතර 49ක්, රත්නපුර 16ක්, හම්බන්තොට 15ක්, ත්‍රිකුණාමලයෙන් 14ක්, මාතර 13ක්, කුරුණෑගල 12ක්, අම්පාර 8ක්, කෑගල්ලෙන් හා පුත්තලමෙන් 7ක්, ගාල්ල 6ක්, නුවරඑළිය 3ක්, අනුරාධපුර 2ක් හා මොනරාගල එක් ආසාදිතයෙක් ලෙස ඊයේ දිනයේ දී වාර්තා වී තිබේ.

මේ අතර ඊයේ දිනය තුළ මෙරට සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 17,233ක්.

මෙරට දී හමුවු සමස්ත ආසාදිතයින් ගණන 37,261ක් වන අතර සුවය ලැබු සමස්තය 28,267ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුරයට පැමිණි ජනතාවට ආචාරය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් ඊයේ (12) දින අපි ආරම්භ කරනු...

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img