Sunday, November 8, 2026
HomeNEWSදුරකථන අලෙවිසැල කැඩූ කුඩ්ඩා පොලිස් දැලේ

දුරකථන අලෙවිසැල කැඩූ කුඩ්ඩා පොලිස් දැලේ

නාරාහේන්පිට තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි දුරකථන අලෙවිසැලක් බිඳ රුපියල් කෝටියකට අධික වටිනා දේපළ රැසක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාරාහේන්පිට පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරු කුරුඳුවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කරන ලද ලැප්ටොප් 14ක්, අයිපෝඩ් 06ක්, ස්මාර්ට් ජංගම දුරකථන 03ක්, හෙඩ් සෙට් 03ක්, අයිපෑඩ්, රූපවාහිනී යන්ත්‍රයක්, ස්මාර්ට් ඔරලෝසු 03ක් ඇතුළු උපකරණ රැසක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඉකුත් දෙවෙනිදා සැකකරු අදාළ අලෙවිසැලේ ඉදිරිපස වීදුරුව බිඳ ජංගම දුරකථන ඇතුළු උපකරණ සොරකම් කර ඒවා කැළි කසල ප්‍රවාහනය කරන කරත්තයක බහා කුරුඳුවත්ත තුරඟ තරග පිටිය අසලට රැගෙනවිත් තිබුණි.

පසුව සොරකම් කළ දුරකථන එම ප්‍රදේශයේ ගොඩනැගිල්ලක වහළේ සඟවා තිබූ බව පොලීසිය පවසයි.

සැකකරු 37 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කොළඹ ප්‍රදේශයේ සොරකම් 18 කට සම්බන්ධ වු පුද්ගලයෙක් බව අනාවරණ වී තිබේ.

පොලීසය පැවසුවේ ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයෙකු බවය.

සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img