Monday, September 28, 2026
HomeNEWSදූෂිතයින්ට දඬුවම් දෙනවා.. පළිගන්නේ නැහැ- ජනපති ගම්පහදි අවධාරණය කරයි

දූෂිතයින්ට දඬුවම් දෙනවා.. පළිගන්නේ නැහැ- ජනපති ගම්පහදි අවධාරණය කරයි

දූෂිතයින්ට දඬුවම්දීම සඳහා කිසිදු සීමාවක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ගම්පහ අද (27) පැවැත්වෙන ජන රැලියට එක්වෙමිනි.

මේ සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා ජාත්‍යන්තර සහාය ලබගත යුතුව ඇති බව ඔහු කියාසිටියේය.

“සීමාවක් නැහැ හොරුන්ට දඬුවම් දෙන්න. මේ වාරේ ඉතුරු අවුරුදු තුනත් කරනවා. ඊළඟ වාරෙත් අල්ලනවා. මේවා ලොකු විමර්ශන. ජාත්‍යන්තර සහාය අවශ්‍යයි. ඇදෙනවා. අපිට කිසිසේත්ම පළිගැනීමේ චේතනාවක් නැහැ. මම අවංකව කියන්නම්, කිසි කෙනෙකුගෙන් පළිගැනීමේ චේතනාවක් නැහැ. අපි පළිගන්නේ ඇයි? අපිට එයාලාට වගේ ඉඩම් නඩු නැහැ. පවුල් ආරවුල් නැහැ. අපිට පෞද්ගලිකව පළිගැනීමේ චේතනා නැහැ. මේ කිසිවක් පළිගැනීම නෙවෙයි. පළිගැනීමේ ඉතිහාසයත් අපි දන්නවා කොහොමද පළිගන්නේ කියලා. 2010 අවුරුද්දේ සරත් ෆොන්සේකා මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ඡන්ද ප්‍රතිඵල එනකොට අපිත් එක්ක එතුමා ඡන්ද ප්‍රතිඵල ඇහුවේ පෞද්ගලික හෝටලයක. හෝටලයම හමුදාවෙන් වැටලුවා. ඡන්ද ප්‍රතිඵල එනකොට වැටලුවේ. අන්න පළිගන්න විදිහ. ඊට පස්සේ එතුමා ඉන්න කාර්යාලයට පැනලා හමුදා අනුකණ්ඩයක් පැනලා එයාලාට හිතවාදී ජීප් එකට උස්සගෙන ගිහින් දාගෙන පැහැරගත්තේ. ඡන්දය ඉවර වෙලා සතියක් යන්න කලින් මෙහෙමයි පළිගත්තේ. අපි පළිගන්නේ නැහැ. 2019 ජනාධිපති වුණාට පස්සේ, CID එකේ නිලධාරින් 600කට විදෙස් ගමන් තහනමක් දැම්මා. අගමැති පත් කරන්න කලින් CID අධ්‍යක්ෂ මාරු කළා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රට බේරා ගැනීම සඳහා එජාපයෙන් හරිත පත්‍රිකාවක්- පක්ෂ සභාපති වජිර

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පළ කල අදහස් එක්සත් ජාතික පක්ෂයට වසර...

ඉන්ධන බලාගාර මාෆියාවට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා – විපක්ෂ නායක සජිත්

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ...

වසර දෙකයි, රටට සුබයි ගම්පහ ජනරැළිය අද සවස ජනපතිගේ ප්‍රධානත්වයෙන්

අපේ ආණ්ඩුව, වසර දෙකයි රටට සුබයි යන තේමාව යටතේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ජන රැළියේ අද (27) දින සවස 3.30ට ගම්පහ නගර...

2026 නොවැම්බර් 01 වන දා සිට TIN සහතිකය අනිවාර්යකෙරේ

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ සහතිකය හෙවත් TIN සහතිකය ලබා ගැනීම මේ වන විට අනිවාර්ය කර තිබේ. ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ වාසය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img