Sunday, November 8, 2026
HomeNEWSදෙවනි අවස්ථාවක් උදා නොවේවි - මහ බැංකු අධිපති

දෙවනි අවස්ථාවක් උදා නොවේවි – මහ බැංකු අධිපති

ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පැවැත්වුණු සාකච්ඡාවලදී සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළකළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (25) අනාවරණ කළේය.

ඒ, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය.

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සම්මන්ත්‍රණය පැවැත්වුණේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“ප්‍රශ්නය වන්නේ අපට කෙතරම් ඉක්මනින් ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ මාවතට අවතීරණ කොට, අහිමි වූ ඵලදායිතාව ගොඩනැගිය හැකිද යන්නයි. ඒ සියල්ල රඳාපවතින්නේ වැදගත් යැයි හඳුනාගැනුණු ප්‍රතිසංස්කරණ බලධාරීන් විසින් කෙතරම් සාර්ථකව ක්‍රියාවට නංවන්නේද යන්න මතයි.” 

“ඒ සියල්ල එකවර ක්‍රියාවට නැංවීමකින් තොරව, ආර්ථිකය ස්ථාවරකොට ඉදිරියට ගෙනයාම සඳහා තවත් දෙවැනි අවස්ථාවක් උදානොවේවි.” 

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් යම් අරමුදල් අපට ලබාගත හැකිවුවත් එය තාවකාලික සහනයක් පමණයි. වඩාත් වැදගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකළහොත් අප නැවතත් එම චක්‍රයටම පිවිසීම වැළැක්විය නොහැකියි.” 

“මේ සම්බන්ධයෙන් ජනතාව, දේශපාලනඥයින් සහ නොයෙක් ක්ෂේත්‍රවලින් එල්ලවන විරෝධය අපට වටහාගත හැකියි. අපට මේ තත්ත්වයට මුහුණදීමට වෙනත් විකල්පයක් නොතිබුණාද යන්න ඇතැමුන් ප්‍රශ්න කරනවා. එය වැදගත් ප්‍රශ්නයක්. අප වැරදි මඟක ගමන් කරනවාද? IMF වෙත ගිය එක වැරදි ද?.. යන්න හඬ නඟන පිරිසකුත් දැකිය හැකියි.”

“එය අර්බුදයෙන් ගොඩආ හැකි එකම මඟ ද?. කියා ඔවුන් ප්‍රශ්න කරනවා. මම අගය කරනවා එලෙස මෙය යායුතු නියම මඟ නොවන බවට තර්ක කරන අය ගැන. එහෙත් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙස මා ඔවුන් දිරිගන්වනවා.”

“විවේචනය කිරීම පහසුවුවත්.. මෙය වේදනාකාරී වුවත් අපට ආර්ථිකය ප්‍රකෘතිමත් කර ස්ථාවර කිරීම සඳහා විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම පහසු කරුණක් නෙවෙයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මට විශ්වාසයක් පවතිනවා.” 

“අප පැවැත්වූ සාකච්ඡාවලදී අපේ සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සාහාය දැක්වීමට කැමැත්ත පළකර තිබෙනවා. සෑම ණයහිමියෙක්ම පැහැදිලිව ප්‍රකාශ කළ කරුණක් තමයි ඔවුන් මෙරට බැංකු පද්ධතියේ අර්බුදයක් ඇතිවනු දැකීම අපේක්ෂා නොකරන බව.”

“ඉදිරියේදී හෝ ණය හිමියන්ට ඔවුන්ගේ ණය නැවත අයකර ගැනීම සඳහා මෙරට ශක්තිමත් බැංකු පද්ධතියක් පැවැතිය යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img