Monday, November 9, 2026
HomeNEWSකතරගම ගිය තිළිණි ප්‍රියමාලි අතරමං වූ හැටි හෙළිවෙයි

කතරගම ගිය තිළිණි ප්‍රියමාලි අතරමං වූ හැටි හෙළිවෙයි

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලිගේ තිකෝ සමූහ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල සඳහා එහි හිමිකරුට රුපියල් කෝටියක පමණ කුලී මුදලක් ගෙවා නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ.

මේ අතර ඇය අවස්ථා කිහිපයකදී හෙළිකොප්ටර් මගින් කතරගම ගොස් ඇති අතර ඒ සඳහා එක් අවස්ථාවකට රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් වැයකර ඇති බවද වාර්තා වෙයි.

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මේ වනවිට මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති විමර්ශන ඒකකයක් මගින් ද විමර්ශන ආරම්භ කර ඇත.

මහා පරිමාණ මූල්‍ය චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී කරුණු රැසක් අනාවරණය වෙමින් ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවකයන්ට අදාළ ස්ථානයට යෑමට පමණක් අවසර දී ඇතත් එහි කටයුතු පවත්වාගෙන යාම මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නවත්වා දමා ඇති බව සඳහන්ය.

ඒ අතර තිළිණි ප්‍රියමාලිට එරෙහිව ලැබී ඇති පැමිණිලි 11 සම්බන්ධයෙන් ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකාවක් බව පැවසෙන ජානකී සිරිවර්ධනගෙන්ද ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img