Thursday, July 16, 2026
HomeNEWSදේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට සහාය ලබා දෙන බව...

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට සහාය ලබා දෙන බව සජිත් කියයි.

*දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට එදා මෙන්ම අදත් අපේ සහයෝගය ලබා දෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් රජය අද ඉදිරිපත් කර ඇති බවත් ඒ සදහා සමගි ජන බලවේගය ද පක්ෂ බවත් මේ දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංගය ඉදිරිපත් කළේ පසුගිය රජය සමයේ සමගි ජන බලවේගය බවත් ව්‍යවස්ථාදායක සභාවේ එදා ඔහුට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ සමගි ජන බලවේගය බවත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් ඒ ව්‍යවස්ථා උල්ලංඝනය කිරිමට හිටපු ජනාධිපතිවරයා සේම කතානායකවරයා ද වගකිව යුතු බවත් ව්‍යවස්ථාදායක සභාවේ සිදුවූ දේ සම්පූර්ණයෙන්ම විකෘති කර උත්තරීතර නීතිය අමු අමුවේ කඩකරමින් මේ කටයුතු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමිනි.*ඒ දවස්වල දේශබන්දු තෙන්නකෝන් ව්‍යවස්ථාව කඩකර උත්තරීතර නීතිය පාගා දමා අනීතිකව පත් කරන විට අද කෑ ගහන අය එදා නිෂ්ශබ්ධව සිටි බවත් ප්‍රමාද වී හෝ මෙවැනි විශ්වාසභංගයක් ගෙන ඒම ගැන සතුටු වෙන බවත් ඒ සදහා පුර්ණ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් එක කෝ ?*ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති කරන්නම් බංකුවක් මේසයක් ගෙන එන්න කියා මැතිවරණ සමයේ කිව්වත් ජනවාරි මාසයේ සිට වෙඩි තැබීම් විශාල ප්‍රමාණයක් සහ මරණ 22කට වැඩි බවත් එයද ජාතික ආරක්ෂාව ගැන ගැටලුවක් බවත් මහජනතාවගේ ජීවිත ජාතික ආරක්ෂාවට සෘජුව බලපාන බවත් අද රටේ නීතියක් නොමැතිව කැලෑ නීතිය ඉස්මතු වී ඇති බවත් මැරයන් දුෂිතයන් මිනිමරුවන් අද ජන සමාජය ගිලගෙන අවසන් බවත් මේවාට විසදුම් රජයට නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*වෛරය පතුරවා රටවල් ගොඩනගන්න බෑ*වර්තමානයේ බලයට පත්ව සිටින ජනතා විමුක්ති පෙරමුණ දශක ගණනාවක් දේශපාලන පොරපිටියේ සිටි බවත් මේ දශක ගණනාවේ ඔවුන් ජනප්‍රිය වූයේ වෛරය පතුරවා අසමගිය පතුරවා එකමුතුභාවය නැති කරමින් බවත් කෑලි කෑලිවලට වෛරය මූලික කර ගෙන වෙනස්කම් ඇති කර මේ ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන ගමන ගෙන ආ බවත් වත්මන් ජනාධිපතිවරයා මාස 60ට පත්ව ඉන් 1/10ක් අවසන් බවත් අයවැය කතාවත් අයවැය අවසන් කතාවත් පැය ගණනක් කතා කරමින් සිටින බවත් මේ අවස්ථාව කතාවට නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන වෙලාව බවත් වෛරය පතුරනවා වෙනුවට විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*වැඩ කරනවා කෙසේ වෙතත් වැඩ බැරිව කෙදිරි ගාන එක නම් පේනවා*මේ රජයට හැකියාවක් තිබුණා නම් සේවාව ඉටු කරන්න තිබූ බවත් දින කිහිපයකට සැරයක් ලැයිස්තු ඉදිරිපත් කළත් ඒවාට නීතිය ක්‍රියාත්මක නොවන බවත් වරදක් සිදුව ඇත්නම් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් වෛරය පැතිරවීම තුළ රටක් ගොඩනැගෙන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.ආණ්ඩුව යනු දැවැන්ත බල කේන්ද්‍රස්ථානයක් බවත් වගකීම වගවීම ක්‍රියාත්මක විය යුතු මොහොතේ රජය කයිවාරුවෙන් ඇග බේරා ගන්න දේශපාලනයක නිරත වන බවත් අනාගතය ගැන පුරෝකථනය කර සැලසුම් හදනවා වෙනුවට ලැයිස්තු ඉදිරිපත් කර වැඩක් නොකර කතාවෙන් කයිවාරුවෙන් සෝබනයෙන් ඇග බේරා ගනිමින් කෙදිරි ගාන බවත් කෙදිරි ගාන්න පැය 24ම වෙන් කර ඇති බවත් පොල් ටික රිලව් කනවා කියා කෙදිරි ගාන බවත් බල්ලන්ට බත් දෙන නිසා හාල් හිගය කියා කෙදිරි ගාන බවත් රිලව් බල්ලන් ගැන කියමින් කෙදිරි ගානවා මිස වැඩක් නම් නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.කන්ටේනර් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බවත් අදටත් ඒ කන්ටේනර්වල තිබූ දේවල් ගැන කවුරුත් දන්නේ නැති බවත් ඒවා ගැන තවමත් හොයා බලා නොමැති බවත් මේ හරහා හොර මත්පැන්, රත්රං, මත්කුඩු ජාවාරම්කාරයන්ට පුනරුදය ලැබුණාද කියා සැකයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.NEWS CLIP 🧧 https://youtu.be/VTfFLQb9LUE?si=30UtlYBBqDzV7WBv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img