Friday, August 28, 2026
HomeNEWSදේශීය සිනමාව නඟාසිටුවීමට සහන

දේශීය සිනමාව නඟාසිටුවීමට සහන

දේශීය සිනමාව නඟාසිටුවීමට සහන

දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය සහන ලබාදීමට රජය එකඟතාව පළකර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව හිමිව ඇති බව වාර්තා වේ.

දේශීය සිනමා කර්මාන්තය වර්තාමානයේ පත්ව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා චිත්‍රපට නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් ඊයේ (08) පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවිය.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා,

“සිනමාකරුවෝ හැටියට අපි අගමැති තුමාට වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා කාලයකට පෙර. එහි ප්‍රතිඵලයක් හැටියට අජිත් නිවාඩ් කබ්රාල් ඇමති තුමා අපිව අද කැඳවලා ඇහුවා අපේ ප්‍රශ්නය සහ ඒ තියෙන තත්ත්වය ගැන. අපි පැහැදිලි කිරීමක් කළා. සිනමාව දැනට වැටිලා තියෙන තත්ත්වය මොකද්ද අපේ ගැටලු මොනවා ද යන්න පිළිබඳව. අපි බලාපොරොත්තු වන සහන මොනවා ද කියලා. විශේෂයෙන් ම ඉලක්ක කරේ කර්මාන්ත හා ව්‍යාපාර නඟා සිටුවීමට රජය ඉදිරිපත් කරන සියයට 4 ණය සහන ක්‍රමය සිනමාවටත් දෙන්න කියලා. ඔවුන්ගේ ප්‍රතිචාර අනුව අපිට සතුටු වෙන්න පුළුවන්. එය ඉටු කරන වගට මේ අවස්ථාවේ දී පොරොන්දු වෙලා තියෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img