Friday, August 28, 2026
HomeNEWSවිමල්ගේ ප්‍රකාශයට පොදුජන පෙරමුණෙන් විරෝධය

විමල්ගේ ප්‍රකාශයට පොදුජන පෙරමුණෙන් විරෝධය

විමල්ගේ ප්‍රකාශයට පොදුජන පෙරමුණෙන් විරෝධය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බවට සති අන්ත ජාතික පුවත්පතකට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාවගෙන ඉල්ලා අස්කර ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට තනි නොකර ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ද ලබාදිය යුතු බවට ප්‍රකාශයක් ලබාදී තිබුණි.

අමාත්‍යවරයා සිදුකළ එම ප්‍රකාශය අද (08) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් මාධ්‍ය හමුවක් පවත්වමින් දැඩි ලෙස විවේචනයට ලක්කළේය. 

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.

“මම හිතන්නේ විමල් වීරවංශ මහතා දැනගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂයත් නෙමෙයි එතුමාට අපේ පක්ෂය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න කිසිදු අයිතියකුත් නෑ. අනිත් එක දේශපාලනයේ දී වාසි ලබා ගන්න
ඒ වගේ කුහක තැනකට පත්වෙන්න අපේ පක්ෂය සුදානම් නෑ. අපේ පක්ෂයේ පරමාදර්ශී නායකයා ලෙස සැලකු මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සම්බන්ධයෙන් එතුමා කළ ප්‍රකාශය ජනතාවගෙන් සමාව ඉල්ලා වහා ඉල්ලා අස්කර ගත යුතුයි කියන තැන අපි පක්ෂයක් විදියට ඉන්නවා.“ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img