අද (21) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 386ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,566ක් වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 289,539ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 930ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 263,758ක් විය.
තහවුරු කර ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,917කි.






















