Saturday, September 5, 2026
HomeNEWSLatest News“ද නිව්ස් පේපර්” චිත්‍රපටයට අමෙරිකාව දුන් සම්මානය ජනපති අතට...

“ද නිව්ස් පේපර්” චිත්‍රපටයට අමෙරිකාව දුන් සම්මානය ජනපති අතට…

“ද නිව්ස් පේපර්” චිත්‍රපටයට අමෙරිකාව දුන් සම්මානය ජනපති අතට…

“ද නිව්ස් පේපර්” චිත්‍රපටය අමෙරිකාවේ කැලිෆෝනියාහි The IndieFEST Film සම්මාන උළළේදී විශේෂ ඇගයුම් සම්මානයෙන් පිදුම් ලබයි.

චිත්‍රපටයට හිමි වූ සම්මාන සහතිකය අද (08) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

ඉතාලිය, අමෙරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ලෙබනන්, සිරියාව, ස්විට්සර්ලන්තය සහ එංගලන්තය ඇතුළු රටවල් රැසක්  සම්මාන උළෙලට නිර්මාණ ඉදිරිපත් කර තිබිණ.

විමුක්තිය, සමාජ සාධාරණත්වය සහ විරෝධාකල්ප විදහා පෑ සුවිශේෂ නිර්මාණයක්  ලෙස “ද නිව්ස් පේපර්” චිත්‍රපටය The IndieFEST Film  කමිටුවේ ඇගයීමට ලක් විය. “ද නිව්ස් පේපර්” චිත්‍රපටය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර මහත්වරුන්ගේ සම අධ්‍යක්ෂකණයකි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරි මහත්වරු සම නිෂ්පාදකයෝ වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img