අධිකරණයේ නඩු ලක්ෂ 11ක් ප්රමාද වීම ගැන සොයන්න ඉල්ලා සිටි තේරීම් කාරක සභාව ලබා නොදෙන්නේ ඇයි? විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කතානායකවරයාගෙන් ප්රශ්න කරයි
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදයේ ජනතා පරමාධිපත්ය, ජනතා සෛරීත්වය ක්රියාත්මක වන්නේ ව්යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය තුළින් බවත් ජනතා පරමාධිපත්ය ක්රියාත්මක කිරීමේ කොටසක් වන අධිකරණ ක්රියාවලියේ නඩු 11 ලක්ෂයක් ප්රමාද වී ඇති බවත් එය රටට හෙළිදරව් කළේ තමා ඇසූ ප්රශ්නයකට බවත් මෙවැනි 11 ලක්ෂයක් නඩු ප්රමාද වී ඇති මොහොතේ අධිකරණ ක්රියාවලියේ කාර්යක්ෂමතාව, ස්වාධීනත්වය සේම අධිකරණ ක්රියාවලිය ක්රියාත්මක විය යුතු ආකාරය, යෝජනා අදහස් විනිවිදභාවය හා පාරිදෘෂ්යභාවය වගකීම හා වගවීම ගැන ජනතා පරමාධිපත්ය යන විෂය යටතේ තේරීම් කාරක සභාවක් ඉල්ලා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ තේරීම් කාරක සභාව ලබා දීම ගැන කතානායකවරයාගේ අභිමතය අභියෝගයට ලක් නොකරන නමුත් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ජනතා පරමාධිපත්ය යන්න ලබා නොදෙන්න කතානායකවරයාට අයිතියක් නොමැති බවත් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ සැමටම සමාන ලෙස සැලකිය යුතු බවට සඳහන් නිසා කතානායකවරයා ලෙස අභිමතය පරිදි කටයුතු කරන්න නිදහස තිබුණත් ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කරන්න අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.






















