නිරෝධායනය සඳහා යොමුකළ කාන්තාවකට ඇඳුම් බෑගයක් යෑවීමේ සිද්ධියට තමන් හෝ තම හිතවතෙකු සම්බන්ධ බවට ඔප්පු කළහොත් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ (05) මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඊයේ මහපාරේ මාධ්‍ය සංදර්ශනයක් කරමින් මට ඉතාම අපහාස වෙන විදිහට කතා කළා. නලින් බණ්ඩාරට මම අභියෝග කරනවා. මම ඒ කාන්තාවට ඇඳුම් අරන් ගියා කියලා ඔප්පු කළොත් මම හෙට මේ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. එහෙම බැරිනම් කාන්තාවන්ගේ බඩු මල්ලක් හිසේ තියාගෙන පාර්ලිමේන්තු ප්‍රවේශයේ විනාඩි 5ක් ඉන්න කියලා මම ඔහුට අභියෝග කරනවා. එදා ඒ ගුරුවරු අත්අඩංගුවට ගත්තාට පස්සේ මම එදාම රෑ අවසර දුන්නා නීතිඥවරු දෙදෙනෙකුට ඔවුන්ව හමුවෙන්න සහ අවශ්‍ය දේ රැගෙන යන්න.”
එහිදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ, “පියුමි හංසමාලි නෝන මහත්තයා තමයි කිව්වේ..මෙතුමාට දුරකථනයෙන් කතා කරලා. මම දන්නැ මෙතුමා ද අරන් ගියේ.. කවුද අරන් ගියේ කියලා. ඒක එතුමාගේ හෘදසාක්ෂිය දන්නවා ඇති. මම ලබන සභාවේ ඕනේ නම් ඒ හඬපටය දෙන්නම්.”






















