Wednesday, November 11, 2026
HomeNEWSඉෂාලිනිගේ මරණය - ප්‍රධාන කරුණු 3ක් ගැන පොලීසියේ අවධානය

ඉෂාලිනිගේ මරණය – ප්‍රධාන කරුණු 3ක් ගැන පොලීසියේ අවධානය

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී දැරියක් පිළිස්සුම් තුවාල සහිතව මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ මාමණ්ඩිය වගකිවයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, දැරියගේ මරණය සම්බන්ධයෙන් කරුණු තුනක් යටතේ විමර්ශන සිදුකරන බවය.

එහිදී, “මේ දැරියගේ මරණය ගැන අපි කාරණා 3ක් ගැන අවධානය යොමු කරනවා. පළවෙනි එක මේ දැරිය මියගියේ කොහොමද? තාම අධිකරණය ඒක වාර්තා කරලා නෑ. අධිකරණය තමයි ඒ තීරණය දෙන්නේ. දෙවෙනි එක මේ දැරිය ලිංගික අපයෝජනයට ලක්වෙච්ච කාලපරිච්ඡේද දෙකක් තියෙනවා. එකක් ඒ දැරිය මේ නිවසට එනෙකම් නොවැම්බර් දක්වා කාලය. අනික් එක නොවැම්බර් ඉඳලා දැරිය මියගිය ජූලි 15 වෙනකම් කාලය. ඒ ගැන සාක්ෂි සහිතව අනාවරණය කරගන්න අවශ්‍යයි. තුන්වැනි එක දැරිය කෘෘරත්වයට භාජනයවීම. ඒ කාරණා ගැන අපි විමර්ශනය කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් බදියුදීන් මහතාගේ බිරිඳ වගකියන්න ඕනේ. බිරිඳගේ තාත්තා වගකියන්න ඕනේ.” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img