ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ලබාගත් අහඹු සාම්පල වලින් හඳුනාගත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 117ක් දක්වා ඉහළගොස් තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඒ බව පවසයි.
දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල සම්බන්ධයෙන් අහඹු ලෙස මෙම පරීක්ෂණ සිදුකර තිබේ.






















