දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩුලු 2ක් දැවී ලකුණු 155ක් රැස්කරගැනීමට සමත්විය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඩෙවෝන් කොන්වේ ලකුණු 78ක් රැස්කර ගත්තේය.
පන්දු 108ක් තුළ ගොඩනැගූ ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් ඇතුළත් විය.
පිටියේ ස්ථාවර වෙමින් සිටි කොන්වේ සිය පන්දුවක් හමුවේ දවාගැනීමට ධනංජය ද සිල්වා සමත්විය.
ඔහු දැවී ගියේ පන්දුයවන්නා අතටම උඩපන්දුවක් ලබාදෙමිනි.
ඊට අමතරව ලකුණු 21ක් රැස්කර සිටි ටෝම් ලේතම්ගේ කඩුල්ල දවාගැනීමට කසුන් රාජිත සමත්විය.
නොදැවී පන්දුවට පහරදෙන කේන් විලියම්සන් ලකුණු 26ක් සහ හෙන්රි නිකල්ස් ලකුණු 18ක් රැස්කරගෙන පන්දුවට පහරදෙමින් සිටී.






















