Tuesday, November 10, 2026
HomeNEWSනව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 09 දෙනෙක් අක්තපත්‍ර භාර දෙති ...

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 09 දෙනෙක් අක්තපත්‍ර භාර දෙති …

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 07 දෙනෙක් සහ මහකොමසාරිස්වරු 02නෙක් අද (01) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

ඩෙන්මාර්කය, එස්ටොනියාව, පාකිස්ථානය, ගැම්බියාව, කසක්ස්ථානය, පිලිපීනය, ඔස්ට්‍රියාව, අයිස්ලන්තය සහ ඊශ්‍රායලය සඳහා නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්ව සිටිති.

පාකිස්ථාන මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සිටත්, පිලිපීන තානාපතිවරයා බංග්ලාදේශයේ ඩකා නුවර සිටත් සෙසු තානාපතිවරු ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටත් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් සිදු කරති.

1. ඩෙන්මාර්ක තානාපති                  –  ෆ්‍රෙඩි ස්වේන් මහතා  ( Mr. Freddy Svane)

2. එස්ටෝනියානු තානාපති              – කැට්‍රින් කිවි මහත්මිය  (Ms. Katrin Kivi)

3. පාකිස්ථාන මහා කොමසාරිස්        -මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරූක් බර්කි
                                                        (Maj. Gen. (Retd.) Umar Farooq Burki)

4. ගැම්බියා මහා කොමසාරිස්            –  මුස්තාෆා ජවාරා මහතා  (Mr. Mustapha Jawara)

5. කසක්ස්තාන තානාපති                 – නුර්ලන් සල්ගස්බයෙව් මහතා  (Mr. Nurlan Zhalgasbayev)

6. පිලිපීන තානාපති                        – ඇලන් ඩෙනීගා මහතා  ( Mr. Alan Deniega)

7.  ඔස්ට්‍රියානු තානාපති                    – කතරිනා වයිසර් මහත්මිය  (Ms. Katharina Wieser)

8. අයිස්ලන්ත තානාපති                   – ගඩ්නි බ්‍රගසන් මහතා (Mr. Gudni Bragason)

9.  ඊශ්‍රායල් තානාපති                       –  නාඕර් ගිලොන් මහතා ( Mr. Naor Gilon)

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ප්‍රධාන සන්ධාන නිලධාරී සෙනරත් දිසානායක යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img