Monday, August 3, 2026
HomeNEWSනව වසර පිළිගනු ලබන්නේ සුභවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් -ජනපති

නව වසර පිළිගනු ලබන්නේ සුභවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් -ජනපති

නව වසර පිළිගනු ලබන්නේ සුභවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් -ජනපති

නව වසරේ උදාව ගතවන සෑම මොහොතකම එළඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් ජීවිතය සකසා ගැනීමටත්, අධිඨනින් පෙරට යාමටත් අප දිරිගන්වනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් අප 2021 වසර පිළිගනු ලබන්නේ සුභවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ද පරිපූර්ණව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සෞභාග්‍යය කරා යන ගමන සාර්ථකව ආරම්භ කර තිබිය දී අනපේක්ෂිත ලෙස රට වෙලාගත් කොවිඩ් වසංගතය ජය ගැනීමට සමස්ත ලෝකයා සමඟ පෙරමුණ ගත් බව සඳහන් කරන ජනාධිපතිවරයා බරපතළ අභියෝග හා බාධක හමුවේ වුවද ජාතික අභිලාෂයන් මත පදනම්ව තිරසාර සංවර්ධන අත්තිවාරම සැකසීමට හැකිවූ බව සඳහන් කළේය.

2021 වසර වෙනුවෙන් නව සුභාශිංසන එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර නව වසර සුභාශිංසන එක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ සුරක්ෂිත දේශයක් වෙනුවෙන් අපගේ මාතෘ භූමියේ අනාගතය උදෙසා ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සහෘදව සිහිපත් කරන බවය.

නව රජයේ මේ දක්වා ගෙවී ගිය කාලය ඉතා කෙටි වුව ද එම කාලය ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් යෙදවීමට හැකි වීම අභිමානයක් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

නව වසරේ රට හමුවේ ඇති අභියෝග එක්ව ජයගත හැකි බව පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරයා දේශීයත්වයට මුල්තැන ලැබෙන රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිමය දැක්ම තුළ නව ආර්ථික හා සංවර්ධන විකල්පයක් රට තුළ ඇති වන බව ස්ථිර බව ද සඳහන් කර තිබේ.

මේ අතර 2021 නව වසර එළඹෙනුයේ මෙරට ජනතාවට මෙන්ම සමස්ත ලෝකයටම අභියෝගාත්මක කාලපරිච්ඡේදයක බව නව වසර වෙනුවෙන් සුභාශිංසන එක් කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ගත වූ 2020 වර්ෂය ශ්‍රී ලාංකිකයින්ට පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවට අනපේක්ෂිත අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවූ වසරක් බව කථානායකවරයා පෙන්වාදෙයි.

එසේ වුව ද එම අභියෝගයන්ට සාපේක්ෂව අප උගත් පාඩම් සහ එකමුතුව ලබාගත් ජයග්‍රහණ නව වසරකට පිය නගන මොහොතේ ශක්තිමත් මනසකින් යුතුව ඉදිරියට යාම සදහා අතිශයින් වැදගත් බව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි මේ රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි වත්මන් රජයට හිරගෙදරක්වත් පාලනය කර ගන්න නොහැකි...

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක්-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක් මිසක්, වරප්‍රසාදයක් නොවෙයි. නැණ ඉසුර ශිෂ්‍යත්වය, රජයක් විදිහට අපි ගෙනියන වැඩපිළිවෙළට ලැබෙන ලොකු ශක්තියක්. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපනය සෑම...

ආණ්ඩුවේ නොහැකියාව මහරින් යළි පෙන්නුම් කෙරෙනවා- නාමල්

බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු...

සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල්-ඇමති විජිත

​සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල් සහ අම්පාරට විදේශ සේවා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් - අමාත්‍ය විජිත හේරත් ​අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img