Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsනාකොටික් නිලධාරීන් 13දෙනා යළි රිමාන්ඩ්

නාකොටික් නිලධාරීන් 13දෙනා යළි රිමාන්ඩ්

නාකොටික් නිලධාරීන් 13දෙනා යළි රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය  නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි චෝදනා මත අත්අඩංගුවටගත් නිලධාරීන් 13 දෙනා ලබන 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.
    
සැකකරුවන්ට ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් තිබෙන බවට විත්තියේ නීතිඥවරුන් විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතාවක් ද මහෙස්ත්‍රාත්වරයා විසින් මෙහිදී ප්‍රතික්ෂේප කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

නඩුව ඉකුත් දින කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ සැකකරුවන්ට ඇප ලබාදීමට විෂද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය ආඥා පනත යටතේ මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් තිබෙන බවය. 

එම ඉල්ලීමට විරෝධය පළ කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සැකකරුවන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මුහුදු මාර්ගයෙන් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙනවිත් රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව ජාවාරම්කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන 07 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියමකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img