Saturday, September 26, 2026
HomeNEWSනායයෑමකින් පුද්ගලයෙකු මරුට

නායයෑමකින් පුද්ගලයෙකු මරුට

වරකාපොළ ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) සිදුවූ  නායයෑමක් හේතුවෙන් පස්කන්දකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉන් මුදා ගැනීමට යුද හමුදා නිලධාරීන් සමත්ව ඇත.

පස්කන්දට සිරවී සිටි එක් අයෙකු ඉන් මුදා ගන්නා අවස්ථාව වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවද යුද හමුදාව පැවසීය.

එම ස්ථානයේම පස් අතර සිරවී සිටි මියගිය පුද්ගලයාගේ මව ද ඉන් මුදාගෙන වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇත. 

මිය ගිය පුදගලයාගේ සිරුර වරකාපොළ රෝහලේ තැන්පත් කර තිබේ.

මේ අතර රුවන්වැල්ල මායින්නොළුව ප්‍රදේශයේ දී කුඩා ඔය පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුරකට පවුල් 4කට අයත් පුද්ගලයින් 13ක් පමණ කොටු වී තිබුණි.

පසුව යුද හමුදාව පැමිණ අද (14) උදෑසන වනවිට එම පිරිස මුදා ගැනීමට කටයුතු කර තිබුණි.

එලෙස මුදා ගැණුනු පිරිස අතර කුඩා දරුවන් ද විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක සම්මත වූ සැණින් කතානායකවරයාගේ සහතිකය

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට ද කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හය දෙනාගෙන් තිදෙනෙක් ඡන්දෙට නැහැ

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද(25) දින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කරන ලද අවස්ථාවේදී විරුද්ධ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් තිදෙනෙකු සභාගර්භය තුළ...

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වේ.. පක්ෂව ඡන්ද 158යි, විරුද්ධව 63යි

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී අද(25) සම්මත විය.විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් මර්ධනය කිරීමට සූදානම් වනවා-ජන අරගල සන්ධානය

ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය ( 2026. 09. 24...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img