Saturday, September 26, 2026
HomeNEWSනායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150 ඉක්මවා ගිය වර්ෂාපතයක් පැවතීම හේතුවෙන් එම ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස සඳහාත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

මීට අමතර කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, මතුගම, දොඩංගොඩ, ඉංගිරිය සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

එමෙන්ම කොළඹ, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා ද නායයෑම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර  තිබේ. 

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ දෙහිඕවිට, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, අයගම, කලවාන, කුරුවිට, නිවිතිගල, රත්නපුර සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ද නායයෑම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.

නායයාම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට ආරක්ෂක ස්ථාන වෙත ගමන් කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයන්ද වාර්තා වන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

කැලණි ගඟ සහ කළු ගඟ ආශ්‍රිතව ද සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක සම්මත වූ සැණින් කතානායකවරයාගේ සහතිකය

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට ද කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හය දෙනාගෙන් තිදෙනෙක් ඡන්දෙට නැහැ

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද(25) දින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කරන ලද අවස්ථාවේදී විරුද්ධ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් තිදෙනෙකු සභාගර්භය තුළ...

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වේ.. පක්ෂව ඡන්ද 158යි, විරුද්ධව 63යි

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී අද(25) සම්මත විය.විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් මර්ධනය කිරීමට සූදානම් වනවා-ජන අරගල සන්ධානය

ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය ( 2026. 09. 24...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img