Monday, August 31, 2026
HomeNEWSනැගෙනහිර පර්යන්තය පිළිබඳ කමිටුව අදත් රැස්වේ

නැගෙනහිර පර්යන්තය පිළිබඳ කමිටුව අදත් රැස්වේ

නැගෙනහිර පර්යන්තය පිළිබඳ කමිටුව අදත් රැස්වේ

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත්කළ කමිටුව අද (25) පස්වන වරටත් රැස්වීමට නියමිතව තිබේ.

එම කමිටුවේ සභාපති වරාය අමාත්‍යාංශ ලේකම් යු.ඩි.සී ජයලාල් මහතා සඳහන් කළේ, වරාය වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ජපානය සහ ඉන්දියාව සමග ඇති කරගත් අවබෝධතාවන්ට අදාළ යෝජනා එහිදි අධ්‍යයනය කිරීමට නියමිත බවය.

එම අධ්‍යයනවලින් අනතුරුව ඉදිරියේ දී කමිටුවේ වාර්තාව කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන බව “අද දෙරණ“ කළ විමසීමකට පිළිතුරු දෙමින් යු.ඩි.සී ජයලාල් මහතා සඳහන් කළේය.

කොළඹ වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හත්දෙනෙකුගෙන් යුත් එම කමිටුව පත්කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරානයේ ලාරක් දූපත ඉලක්ක කරගෙන ඇමෙරිකානු ප්‍රහාර

ලාරක් දූපතේ ඉරාන මිසයිල දියත් කරන ස්ථාන දෙකක් ඉලක්ක කරමින් අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් මියගොස්...

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img