Monday, August 31, 2026
HomeNEWSබස්නාහිර අදින් ඇරඹෙන පාසල්

බස්නාහිර අදින් ඇරඹෙන පාසල්

බස්නාහිර අදින් ඇරඹෙන පාසල්

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසල් අධ්‍යයන කටයුතු අද (25) සිට ආරම්භ වේ.

අද දින විවෘත වන බස්නාහිර පළාතේ පාසල් විෂබීජහරණ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දිනයේ දී සිදුකෙරුණි.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස පළමු වැනිදා ආරම්භ වීමට නියමිත අතර බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ අධ්‍යයන කටයුතු සිදුකෙරෙන පාසල් විවෘත කෙරෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා සඳහන් කළේය.

නව පාසල් වාරය ආරම්භ කිරීමත් සමග බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා යළි විවෘත කරනු ලැබීය.

මේ අතර අද සිට බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම පංති පැවැත්වීමට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img