Monday, August 31, 2026
HomeNEWSනිදහස් උළෙල වෙනුවෙන් වාහන ගමනාගමනය සීමා කෙරේ

නිදහස් උළෙල වෙනුවෙන් වාහන ගමනාගමනය සීමා කෙරේ

73වන නිදහස් දින උළෙල පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය. 

ඊට අදාළ පෙරහුරු ජනවාරි 30 සහ 31ත් පෙබරවාරි 1,2,3 යන දිනයන් හිදී නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වේ.

පෙරහුරු පැවැත්වෙන දිනයන් හි උදෑසන 6.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් සැමරුම පැවැත්වෙන 4වනදා උදෑසන 4.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් කොළඹ නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ සම්බන්ධ විකල්ප මාර්ග අදාළ ස්ථානවල රැඳී සිටින පොලිස් නිලධාරීන් විසින් පෙන්වා දෙනු ඇති බවද සඳහන් කළේය. 

විකල්ප මාර්ග පිළිබඳ පුවරු ද මාර්ගවල තබා ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. 

බොරැල්ල දෙස සිට නෙළුම් පොකුණ වටරවුම දෙසට ගමන් කරන වාහන හෝර්ටන් පෙදෙස දෙසට පැමිණ විජේරාම මාවත ඔස්සේ වෝඩ් පෙදෙස දෙසට ගමන් කළ යුතු වේ. පිටවන වාහනද ඒ ඔස්සේ ගමන් කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 

බෞද්ධාලෝක මාර්ගයේ වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img