Monday, August 31, 2026
HomeNEWSකොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය කටුනායකට

කොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය කටුනායකට

කොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය කටුනායකට

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස සපයන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය.

එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු වේ.

එන්නත් තොගය නිල වශයෙන් භාර ගනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. 

පසුව එන්නත් තොගය ගීතකරණ සහිත රථවල බහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත රැගෙන යෑමට කටයුතු කර තිබුණි.

එන්නත් තොගය අද පස්වරුවේ මෙරට රෝහල් 6 ක් වෙත බෙදා හැරීමට නියමිත අතර හෙට (29) සිට එන්නත්කරණය ඇරඹීමට නියමිතය.

රජයේ එන්නත්කරණ මධ්‍යස්ථානවලදී පමණක් එම කටයුතු සිදුකෙරෙන අතර බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06 ක එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව තිබේ.  

ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පළමුවත්, කොවිඩ් මර්දන කටයුතු සඳහා සම්බන්ධවන ඉදිරිපෙළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට දෙවනුවත්, වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන්ට තුන්වෙනුවත් වශයෙන් එන්නත් ලබාදීමට යෝජිතය.

එන්නතේ පළමු මාත්‍රා පුද්ගලයකුට ලබා දී සති 4කට පසු දෙවැනි මාත්‍රාව එම තැනැත්තාට ලබා දෙනු ඇත.

කෙසේවෙතත් ඉදිරියේදී පෞද්ගලික ආයතන තම සේවකයන් සඳහා ලබාදීමට සිදුකරන ඉල්ලිම් මත එන්නත් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී තිබේ.

එන්නත ලබාගන්නා පුද්ගලයන් ඒ සඳහා තම ලිඛිත කැමැත්ත පළ කළයුතු අතර එහි සියලු අධික්ෂණ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබයි.

අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ඉන්දීය ගුවන් සේවයේ A I – 281 දරන ගුවන් යානය එන්නත් රැගෙන අද පෙරවරු 11.35 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වූ බවය.

මෙම එන්නත් තොගය ඇසුරුම් පෙට්ටි 42 ක බහා රැගෙන ඒමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img