රුපියල් ලක්ෂ 35ක වටිනාකමකින් යුත් ටෙට්ට්රා හයිඩ්‍රෝ කැනබිනෝල් නොහොත් හෑෂ් ඔයිල් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු මහරගම, ඇරැව්වල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිදුකළ වැටලීමකදී එම මත්ද්‍රව්‍ය තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසීය.
සැකකරු සතුව තිබී ටෙට්ට්රා හයිඩ්‍රෝ කැනබිනෝල් නොහොත් හෑෂ් ඔයිල් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 05 ක් නිලධාරීන් භාරයට ගෙන ඇත.
ඔහු 31 හැවිරිදි පන්නිපිටිය, පැලන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.






















