Saturday, August 29, 2026
HomeNEWSනිදහස් දින පණිවුඩය

නිදහස් දින පණිවුඩය

නිදහස් දින පණිවුඩය

ශ්‍රී ලාංකේය සියලු පුරවැසියන් 73 වන ජාතික නිදහස් දිනය සමරනු ලබන්නේ ඉමහත් අභිමානයෙනි.

යටත් විජිතයක් බවට පත් වූ දින පටන් නිදහස දිනා ගැනීමට ලක්වැසියන් කළ කැපවීම හා සටන් ලෝක ඉතිහාසයේ නම් දරා තිබේ.

යුද ශක්තිය මෙන්ම දේශපාලන, ආගමික හා සංස්කෘතික මුහුණුවරින් ද උපක්‍රමික අරගලවල යෙදෙමින් නිදහස දිනාගත් අතීතයක් ශ්‍රී ලාංකේය ජාතියට හිමිය.

අද වන විට අපගේ මාතෘභූමියට අවශ්‍යව ඇත්තේ ලැබූ නිදහස අර්ථවත් කර ගැනීමේ ක්‍රියාවලියයි. ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීම හා ආගමික සංහිඳියාව ඊට දක්වන්නේ ප්‍රබල පිටුබලයකි.

විවිධ අභියෝග හමුවේ දේශියත්වය අගයන ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් මාතෘ භූමිය සංවර්ධනය කරා ගෙනයාමේ මාවතට අප දැන් ප්‍රවිෂ්ට වී තිබේ.

සෑම ක්ෂේත්‍රයකම සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ අවබෝධ කරගනිමින් ජනතාව මත තැබූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් නිදහස තවත් අර්ථවත් වනවිට “ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක්”  යන්න යථාර්තයක් වනු ඇත.

ඉතිහාසය පුරාවට මාතෘ භූමියට එරෙහි දෙස් විදෙස් බලවේග මෙන්ම ත්‍රස්තවාදය පරාජය කිරීමේ ස්ථිර ප්‍රතිපත්තියක අපි කටයුතු කළෙමු. කොතරම් අභියෝග පැමිණිය ද අපගේ මාතෘ භූමිය අප කිසි ලෙසකින් පාවා දී නැත.

කොවිඩ් – 19 දැන් ලෝකය හමුවේ ඇති විශාලම අභියෝගයයි. ජනතාව මෙම අර්බුදයෙන් නිදහස් කර ගැනීමේ සටනට අප දැන් උර දී සිටී. සතුරු බලවේග පරාජය කිරීමට මෙන්ම කොවිඩ් – 19 පරාජය කිරීමට ද ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අපි නැගී සිටිමු.

අපගේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ හා අපරිමිත කැපවීම් කළ සියලු දෙනාටත් වර්තමානයේ එම අභියෝගය හමුවේ නොසැලී කැපවන දෑ හිතකාමී සියලු දෙනාටත් මාගේ ගෞරවය පුද කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට ඇමෙරිකාව ගිවිසුම් අත්සන් කරයි

නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ඉන්ධන මිල අඩු කිරීම සඳහා වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට සඳහ වන ගිවිසුමක් අත්සන් කල බව...

අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යළිත් ආරම්භ කෙරේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය රජය සමයේ අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යලිත් ආරම්භ කෙරේ.....! ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන...

නැවතත් බොරු කියන්න ජනපති රට වටේ රැස්වීම් තියන්න හදනවා – විපක්ෂ නායක සජිත්

පසුගිය මැතිවරණ 03ටම පෙර වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවක් සඳහා රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට...

නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

පූනාගල, කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img