Saturday, August 29, 2026
HomeNEWSබංග්ලාදේශ මහ කොමසාරිස්තුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි

බංග්ලාදේශ මහ කොමසාරිස්තුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි

බංග්ලාදේශ මහ කොමසාරිස්තුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි

බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් (TareqMd Ariful Islam ) සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මොහොමඩ් හස්රත් අලි ඛාන් (Mohammad Hazrat Ali Khan ) යන මහත්වරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විජේරාම නිවසේදී ඊයේ  (02-02-2020) හමුවිය.

හමුවීමට ලද අවස්ථාව පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූතිය පුද කළ මහ කොමසාරිස්තුමා, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා රජය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

73 වන නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතූ බංග්ලාදේශ මහ කොමසාරිස්තුමා, සිය අග්‍රාමාත්‍යවරියගේ  ලිපියක්අගමැතිතුමා හට භාර දුන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන්  ඇයගේ සුබ පැතුම් ද එක් කරමිනි.

කෘෂිකාර්මික, ධීවර හා නාවික සම්බන්ධතා යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම තුළින් පවත්නා ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීමට ඇති හැකියාව පිළිබඳව මහ කොමසාරිස්තුමා දැඩි උනන්දුවක් දැක්වූ අතර බංග්ලාදේශය දැනට මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ 4 වන විශාලතම රට වන බවත් එහි හොඳම භාවිතයන් ලංකාව සමග බෙදාහදා ගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසීය. ගංවතුර හා නියඟයට ඔරොත්තු දෙන ඉහළ මට්ටමේ සහල් වර්ග නිපදවීමටත් එමඟින්  සහල් නිෂ්පාදනය වැඩිකිරීමටත්  බංග්ලාදේශය මේ වන විටත්  ශ්‍රී ලංකාවට සහාය වෙමින් සිටී. 

අධ්‍යාපන සහ ඖෂධ ක්ෂේත්‍ර සඳහා වසර ගණනාවක් තිස්සේ බංග්ලාදේශයෙන් ලබා දුන් සහය පිළිබඳව කෘතවේදීත්වය පලකළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා බංග්ලාදේශයේ ආයෝජකයින් දිරිමත් කරන ලෙස මහ කොමසාරිස්තුමාට ආරාධනා කළේය. 

දෙරට අතර වෙළඳ සබඳතා පුළුල් කිරීමට හා සංවර්ධනය කිරීමට විශාල ඉඩ ප්‍රස්ථාවක්  ඇති බව අගමැතිතුමා  සහ මහ කොමසාරිස්තුමා සාකච්ඡා කළහ. 

බංග්ලාදේශය, මෙම වසරේ සිය ස්වර්ණ ජයන්ති නිදහස් දිනය සමරන බැවින් මහ කොමසාරිස්තුමා බංග්ලාදේශයට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළේය.

දෙරට අතර දැනටමත් පවතින මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා බංග්ලාදේශ රජය සමඟ එක්ව කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බව පැවසූ  අග්‍රාමාත්‍යතුමා, මහ කොමසාරිස්තුමාට සිය ධූර කාලය තුළ සාර්ථකව කටයුතු කරගෙන යාමට සුභ පැතුම් එක් කළේය. 

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ද  එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වැරදි විදියට- දයාසිරි ජයසේකර

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ වැරදි විදියට බවත් එහි දීර්ඝ නාමය ගැන සහ එය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන්...

වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට ඇමෙරිකාව ගිවිසුම් අත්සන් කරයි

නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ඉන්ධන මිල අඩු කිරීම සඳහා වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට සඳහ වන ගිවිසුමක් අත්සන් කල බව...

අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යළිත් ආරම්භ කෙරේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය රජය සමයේ අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යලිත් ආරම්භ කෙරේ.....! ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන...

නැවතත් බොරු කියන්න ජනපති රට වටේ රැස්වීම් තියන්න හදනවා – විපක්ෂ නායක සජිත්

පසුගිය මැතිවරණ 03ටම පෙර වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවක් සඳහා රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img