Monday, September 14, 2026
HomeNEWSනිමල් වෙනුවෙන් අනුර තීරණයක් ගනී

නිමල් වෙනුවෙන් අනුර තීරණයක් ගනී

මියගිය ජාතික ජන බලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරි මහතා වෙනුවෙන් සිදුකළ හැකි උපරිම දේ සිදුකිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික ජනබලවේගය පසුගිය ඉරිදා දිනයේ කැඳවා තිබූ ජන රැලියට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා එහිදි මෙම අදහස් පළකළේය.

එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා, 

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාවගේ සටන් කිරීම ජනතාවගේ වරදක් ද ?. ජනතාවගේ ජන වරමක් නැති අනීතික පාලනයක් ඉස්සරහට ගෙනයනවානම් එය අනීතිකයි. ඒ පාලනයට යටත්වෙන්න ඕන නෑ කිසි කෙනෙක්. මේක ඝාතනයක් ඉතා පැහැදිළිව ඝාතනයක්. පොලීසිය මග හරස්කොට එවැනි ප්‍රහාරයක් එල්ලකරේ නැත්නම් මෙවැනි සිදුවීමක් සිද්ධවෙන්නේ නෑ. ඒ නිසා ගැටුම්කාරී තත්ත්වයකට මේක වර්ධනය කළේ විශේෂයෙන්ම ආණ්ඩුව. ඒ නිසා මේක ආණ්ඩුව විසින් ඇතිකරන ලද මිනිස් ඝාතනයක්. අපේ නීතිඥ කණ්ඩායමට අපි භාරදීලා තියෙනවා. මූලික වශයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉතා ඉක්මණින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙනවා. අනතුරුව අපි අනෙකුත් ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. 

ඔබතුමා හැංගුණා ද ?

ඔයගොල්ලෝ හිටියා නේ එතන, ජනතාවත් එක්ක හිටියේ, ඔබගේ වීඩියෝ හොඳින් බලන්න මොකක්ද සිද්ධවුණේ කියලා.

මියගිය අපේක්ෂකයාගේ පවුල වෙනුවෙන් ඔබතුමන්ලා පෙනී සිටිනවාද?

විශේෂයෙන්ම මේ වනවිටත් ඔහුගේ පුත්‍රයා විදේශගතවෙලා ඉඳලා පැමිණිලා තියෙනවා. ඔහුත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා . ඒ වගේම ඔහුගේ පවුලේ සාමාජිකයින් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. අපේ පැත්තෙන් කළ හැකි උපරිම දේ අපි ඒ වෙනුවෙන් කරන්න සූදානම්. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img