නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදීත් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකිරීම වෙනුවෙන් විශාල පිරිසක් එක්වී සිටි අවස්ථාවක් ඊයේ (04) යාපනය, අච්චුවේලි ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙලෙස විශාල පිරිසක් සහභාගී වී ඇත්තේ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වු පුද්ගලයෙකුගේ අවසන් කටයුතු වෙනුවෙනි.
යාපනය අච්චුවේලි නාවට්කාඩු ප්‍රදේශයේ පදිංචි ත්‍යාගරාසා මදනබාලන් නමැති 40 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 02 වැනිදා අකුණුසැර වැදීමෙන් එලෙස ජීවිතක්ෂයට පත්වී තිබුණි.
මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ සිදුකොට තිබුණේ එලෙස විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.
පනවා ඇති සංචරණ සීමා ද නොතකමින් ඊට විශාල පිරිසක් සහභාගීවී සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු අනාවරණයවීමෙන් පසු පොලීස් නිලධාරීන් පැමිණ පිරිස විසුරුවා හැරීම කටයුතු කර තිබේ.






















