Monday, October 26, 2026
HomeNEWSනිරෝධායන රීති කැඩූ පළාත් අතර සංචරණය

නිරෝධායන රීති කැඩූ පළාත් අතර සංචරණය

පළාත් අතර සංචරණය සීමා කර ඇති බවට සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් වුවද බෝහෝ දෙනෙකු පළාත් මායිමේ දී බස්රථවලින් බැස පාගමනින් අනෙකු පළාතට ගමන් කරන බව වාර්තා වේ.

සබරගමුව පළාතට අයත් කෑගල්ල ප්‍රදේශයේ සේවය සඳහා පැමිණි පිරිස් පළාත් මායිමේ දී බස්රථයෙන් බැස මා ඔය පාලම පසුකර වයඹ පළාතට අයත් පොල්ගහවෙල දෙසට ගමන් කරන ආකාරය “අද දෙරණ” ට මෙලෙස වාර්තා විය.

රට විවෘත කර ඇති පසුබිමක සිය රාජකාරිවලට වාර්තා කිරීම අවශ්‍ය නිසා මෙලෙස ගමන් කරන ජනතාවද විශාල පීඩාවකට පත්ව සිටී.

මේ පිළිබඳ අදහස් දැක්වු ජනතාව,

“අපි මේ කියන්නේ මොකද්ද මේ තේරුමක් නැති වැඩේ.“

“බස් එකෙන් නෙමෙයි. මිනිස්සුන්ගෙන් නේ බෝ වෙන්නේ ලෙඩ.“

“බස් දුවන්න කැමතියි. බස් දුවන්න දෙන්නේ නැති එකනේ තියෙන්නේ. දැන් මම කතාකලා ම පොලිස්පතිට කියන්නලු. පොලිස්පතිට කියලා අපිට මේක අයින් කරන්න බෑනේ. එහෙනම් රස්සාවට එන එක නතර කරන්න ඕනේ. “

මේ පිළිබඳ අදහස් දැක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මෙලෙස පළාත් අතර සංචරණ සීමා කඩ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...

ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි

යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත...

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img