දැනට ඩුබායි හි සිටින බව පැවසෙන මත්ද්රව්ය ජාවාරම්කරුවෙක් වන “චරිත් සඳකැලුම්” හෙවත් “රන්මල්ලී” නැමැත්තාගේ ඥාති සහෝදරයා මත්ද්රව්ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එම පුද්ගලයා රන්මල්ලි නැමැත්තාගේ බිරිඳගේ සහෝදරයා බවට අනාවරණය වු බවය.
අත්අඩංගුවට පත් පුද්ගලයා තාවකාලිකව පදිංචිව සිට ඇති කොට්ටාව, හිරිපිටිය ප්රදේශයේ නිවසක වළලා තිබු රුපියල් මිලියන 13.9ක් ද සොයා ගැනීමට මත්ද්රව්ය නාශක කාර්යාංශ නිලධාරීන් කටයුතු කර තිබේ.
ශ්රී ලංකාව තුළ මත්ද්රව්ය ජාවාරම සිදුකිරීමට හා මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් මුදල් සඟවා තබා ගැනීමට රන්මල්ලී නැමැත්තා එම පුද්ගලයාට යොදා ගෙන ඇති බවය.
අත්අඩංගුවට පත් පුද්ගලයා මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත රැගෙන විත් තිබේ.
රන්මල්ලි නැමති පුද්ගලයා ඩුබායි හි සිටින බව පැවසෙන මත්ද්රව්ය ජාවාරම්කරුවෙක් වන නඳුන් චින්තක නොහොත් “හරක් කටා”ගේ සහයකයෙක් බව ද පොලීසිය පැවසීය.






















