Sunday, November 8, 2026
HomeNEWSනිවාස ගිනි ගැනීමට ලක්වූ මන්ත්‍රීවරුන්ට වියත්පුරෙන් නිවාස දුන්නේ කුලී පදනම මතයි…, අමාත්‍ය...

නිවාස ගිනි ගැනීමට ලක්වූ මන්ත්‍රීවරුන්ට වියත්පුරෙන් නිවාස දුන්නේ කුලී පදනම මතයි…, අමාත්‍ය ප්‍රසන්න රණතුංග.


                   ඇමති ප්‍රසන්න පාර්ලිමේන්තුවේදී කියයි

නිවාස ගිනි ගැනීමට ලක්වූ මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට නාගරික සංවර්ධන අධිකාරිය විසින් කළල්ගොඩ, වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදී තිබෙන්නේ වසරක කුලී පදනම මත යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (29) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම කිසිඳු මන්ත්‍රීවරයකුට සින්නක්කරව නිවාස ලබාදී නැතැයිද අමාත්‍යවරයා සදහන් කළේය.
සමඟි ජන බලවේඟයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කළ ප්‍රකාශයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී මන්ත්‍රී චමින්ද විජේසිරි හා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්වරුන් අතර ඇතිවූ සංවාදය මෙසේය.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි (ස.ජ.බ) – පාර්ලිමේන්තුවේ සංස්කෘතියත් ඉතිහාසයට ලියන්න ඕන. මහ බැංකු හොරු අල්ලන්න ආපු හොරු මහබැංකු හොරාගේ කීම අහල එතුමගේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින්න කටයුතු කරනවා.මේ සංස්කෘතිය හරියට හැදුවොත් රටේ අනාගතයට හොඳ වැඩපිළිවෙලක් නිර්මාණය වේවි.ජලනි ප්‍රේමදාස මැතිණියගේ හොරකම ගැන කියන හොරුන් ගැන මම කියන්නම්. ආණ්ඩු පක්ෂයේ බහුතරයකගේ ගෙවල් ගිණි තිව්වා. ඒ ගිණි තැබීම මම අනුමත කරන්නෙ නැහැ. මහජනතාවගේ මුදල් හොරාකාල හැදුවයි කියන චින්තනයෙන් තමයි ගිනි තිව්වේ. දේවදත්ත තමයි බුදු දහම විකෘති කළේ. අංගුලිමාල ගුරු පඬුරු දෙන්න ගිහිල්ල තමයි ඇඟිලි කැපුවෙ. අන්තිමට බණ අහල සෝවාන් වුණා. දේවදත්ත රා පොවල නාලාගිරි ඇතෑ එව්වා. ජනාධිපතිතුමාට අද පටලැවුණා. එතුමා මන්ත්‍රීවරුන්ට කළල්ගොඩින් ෆැලැට් එකක් දුන්නා. ලක්ෂ 400යි. ඇමතිවරුන්ටත් තියෙනවා. මම නම් පිටින් කියන්නම්. අපිට ඕන නෑ. මේක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයගේ න්‍යාය. ගෙවල් ගිනි තිව්ව කට්ටිය ගත්තට කමක් නෑ. ගිනි ගත්ත ගෙවල් හදන්න සල්ලි දුන්නා. මාදිවෙලත් ගෙවල් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ලණු කාල සජිත් ප්‍රේමදාස මහත්තයට මඩ ගහන්න එපා. සෞඛ්‍ය ඇමතිතුමාට ලංකාවේ බේත් නැත්නම් රට යන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ජනතාව මොකද කරන්නෙ. මේ රටේ මිනිස්සු මැරෙන වෙලාව ලියල දීල තියෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යංශය. මිනීමැරීමේ චෝදනාවට මේ අමාත්‍යංශය අත්අඩංගුවට ගත යුතුයි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.ල.පො.පෙ)- ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා නිවාස සම්බන්ධයෙන් වැරදි තොරතුරක් මේ සමාජයේ තිව්වා. ඒක නිවරදි කරන්න ඕන. වියත්පුර නිවාස තියෙන්නෙ මගේ අමාත්‍යංශය යටතේ. වින්දිතයන් බවට පත්වූ මන්ත්‍රීවරුන් 76 දෙනෙක්ට අවුරුද්දක කුලී පදනම යටතේ ඒ නිවාස ලබාදී තිබෙනවා. කිසිම මන්ත්‍රීවරයකුට සින්නක්කර දීල නැහැ. ඕනම කෙනෙක්ට ඒ ගෙවල් මුදලට ගන්න පුළුවන්. ඔබතුමත් එක දවසක් නාගරික සංවර්ධන අධිකාරියට ඇවිල්ල ප්‍රශ්නයක් ඇති වුණ බව මම දන්නවා. ‍
ඒ වගේම නිවාස ගිනි ගැනීමට ලක්වූ මන්ත්‍රීවරුන්ට සත පහක් දීල නැහැ. වැරදි තොරතුරු සමාජයට දෙන්න එපා. ඇත්ත කියන්න. හැබැයි අවශ්‍යනම් දැනට තමන් ඉන්න වියත්පුර නිවාස ඒ මන්ත්‍රීවරුන්ට මුදලට ගන්න පුළුවන්.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි (ස.ජ.බ) – ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියන කතාව ඒ විදියටම සිද්ධ වුණානම් හරි. අද වෙනකොට කී දෙනෙක් කුලී ගෙවල තියෙනවද. සියයට 25යි මාසික කුලිය ගෙවල නෑ. මම ඔබගේ අමාත්‍යංශයට ගියේ ඒ තොරතුරු ගන්නයි. මේ ගෙවල් රක්ෂණය කරල ගිනි තැබීමෙන් පස්සේ. ඒ ආයතනවලට රජයෙන් සල්ලි දීල මන්ත්‍රීවරුන්ට ගෙවන්න. ඔය‍වගේ සහගාන අපරාධ කරන්න එපා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.ල.පො.පෙ)- මෙතුමා කෙබර කියනවා. රක්ෂණ ආයතනවලින් සල්ලි ගෙවන එහෙම ක්‍රමවේදයක් තියෙනවාද. දෙකේ පන්තියට ගිය මිනිහෙක්නම් ඕක අවබෝධ කරගන්නවා. මේක අසත්‍ය කතාවක්. නාගරික සංවර්ධන අධිකාරිය මන්ත්‍රීවරුන් එක්ක ගිවිසුම්ගතවෙලා මන්ත්‍රීවරුන්ගෙ වැටුපෙන් මාසිකව මුදල් කපාගන්නවා. මෙතුමට ගෙයක් ලැබුනෙ නැති නිසයි මේ කියවන්නේ.දන්නෙ නැති දේවල් කියවන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img