අනවසර සංක්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ්රිත මුහුදු ප්‍රදේශයේ මේ දිනවල ආරක්ෂාව තර කර තිබේ.
ඒ හේතුවෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක පුද්ගලයින් 86 ක් සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට අද (04) දින නාවික හමුදාවට හැකි වූ බව වාර්තා වේ.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණියහොත් රට තුළ කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ ආරක්ෂක මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට උත්සාහ කළ බවට සැක කෙරෙන ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීමට නාවික හමුදාවට හැකි වී තිබේ.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත්කර ඉන්දීය ධීවර යාත්‍රා 11 සහ පුද්ගලයින් 86 දෙනා ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.






















