Sunday, November 15, 2026
HomeNEWSLatest Newsපක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පිළිබඳ ව මත ගැටුම්

පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පිළිබඳ ව මත ගැටුම්

පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පිළිබඳ ව මත ගැටුම්

මේ වන විට දේශපාලන පක්ෂ 3 ක් තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කළ පුද්ගලයන්ගේ ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත භාර දී තිබේ.

මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, අපේ ජනබල පක්ෂය සහ ඉලංගෙයි තමිල් අරසුකච්චි යන පක්ෂ තම අපේක්ෂකයන්ගේ නම් භාරදී ඇති බවය.

ජාතික ජනබලවේගය පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අද අපේක්ෂකයෙකු නම් කරන බව එම පක්ෂය සඳහන් කළේය.

මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ක් හිමි වූ අතර ඊට අදාළ අපේක්ෂකයන්ගේ නම් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂය සහ අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය මේ වන තෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැත.

ලබන 14 වන දිනට පෙර අදාළ මන්ත්‍රී ධුර සඳහා අපේක්ෂකයන් නම් කළ යුතු වේ.

මේ අතර, සමගි ජන බලවේගය පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතය.

අද පස්වරු 06.00 ට කොළඹ දී එම සාකච්ඡාව පැවැත්වෙන බව සමගි ජනබලවේගය පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අශෝක් අබේසිංහ මහතා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img