Sunday, November 15, 2026
HomeNEWSLatest Newsපත්වීම්ලාභීන් ප්‍රාලේ කාර්යාලයට වාර්තා කළ යුතු දිනය සංශෝධනය වේ

පත්වීම්ලාභීන් ප්‍රාලේ කාර්යාලයට වාර්තා කළ යුතු දිනය සංශෝධනය වේ

පත්වීම්ලාභීන් ප්‍රාලේ කාර්යාලයට වාර්තා කළ යුතු දිනය සංශෝධනය වේ

උපාධිධාරීන් පනස් දහසක් සහ අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ, උපාධිධාරී පත්වීම්ලාභීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු දිනය සංශෝධනය කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව තෝරා ගනු ලැබූ උපාධිධාරී පත්වීම්ලාභීන්ට ලිපි යැවීම 17 වන සඳුදා ආරම්භ වන අතර ඔවුන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බව එම සංශෝධිත නිවේදනයේ සඳහන්ය.

මහ මැතිවරණය හේතුවෙන් නතර කෙරුණු එක් ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව, රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා (16) ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

තෝරාගත් අඩුආදායම්ලාභී ලක්ෂය රැකියා නියුක්ත කිරීම සඳහා ස්ථාපිත කාර්ය සාධන බලකාය විසින් එම කාර්යය සැප්තැම්බර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img