Thursday, July 16, 2026
HomeNEWSපලස්තීන විදේශ අමාත්‍යවරයා නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක

පලස්තීන විදේශ අමාත්‍යවරයා නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක

පලස්තීන විදේශ අමාත්‍යවරයා නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක*පලස්තීන ජනතාව මුහුණ දෙන අර්බුද හමුවේ ශ්‍රී ලංකා රජය දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ අමාත්‍යාංශයේදී මුණ ගැසුණේ ය. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීනය සම්බන්ධ යෝජනාවලදී ශ්‍රී ලංකා රජය ලබා දුන් නොපැකිලි සහයෝගය පිළිබඳව පලස්තීන රජයේ විශේෂ ස්තුතිය තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.එමෙන්ම, අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පලස්තීන විදේශ අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා කරන ලද ආරාධනය පලස්තීනයට කරන ලද ඉහළ ගෞරවයක් ලෙස සලකන බව ද තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. දශක ගණනාවක සිට ජාත්‍යන්තර තලයේදී පලස්තීන අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටීම සම්බන්ධයෙන් පලස්තීන ජනතාව තුළ පවතින ඉහළ ප්‍රසාදය ද තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img