Thursday, May 21, 2026
HomeNEWSපවුල් වලින් 16% ක් ආහාරවේල ගණන අඩු කරලා-සජබ විධායක කමිටු...

පවුල් වලින් 16% ක් ආහාරවේල ගණන අඩු කරලා-සජබ විධායක කමිටු සාමාජික මහේෂ්

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (17) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක මහතා.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය, ‘‘ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සමගි ජනබලවේගයේ සුභාශිංෂන එක් කරනවා. ඒ වගේම ඉන්දියානු රජය සහ ඉන්දියානු ජනතාවට නිරන්තරයෙන් ලංකාවට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ගෞරවාන්විත ස්තුතිය සමගි ජනබලවේගය පුද කරනවා. ඉන්දියාව නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන රටක්. ඉන්දියාව මේ වනවිට සීඝ්‍රයෙන් වර්ධනය වන රටක්. ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය සියයට 6 සහ 7 මට්ටමේ පවතිනවා. දල ජාතික නිෂ්පාදනයට සාපෙක්ෂව ඉන්දියාවේ සමස්ත ණය සියයට 54 ක්. ඒ වගේම සියයට 4.5 ක වගේ සිමාවක ඉන්දියාවේ අයවැය පරතරය පවතිනවා. ඒ වගේම ඉතාම අඩු උද්ධමනයක් තමයි ඉන්දියාවේ තිබෙන්නේ. ඒ වගේම ඉන්දියාව සාක්ෂරතාවයෙන් සහ ඩිජිටල්කරණයෙන් ඉහළට ගොස් තිබෙනවා. ඒ නිසා ඉන්දියාව හරහා ලංකාවට ඉගෙන ගත යුතු බොහෝ දේවල් තිබෙනවා. ඒ වගේම ඉන්දියාව ඉතා හොද ආර්ථික දර්ශකවලින් ඉහළට ගොස් තිබෙනවා. 2023 දී ඔවුන්ගේ ආර්ථිකය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 7.5 ක් දක්වා ඉහළ යන බව විද්වතුන් පුරෝකථනය කර තිබෙනවා. ඔවුන් ඒ සඳහා දැඩි උත්සාහයක දැනටමත් නිරත වෙනවා. ඒ වගේම හර්ෂ ද සිල්වා මහතා ඉන්දියාවට සිනා නොවිය යුතු බව ප්‍රකාශ කළාට පසුව ආණ්ඩු පාර්ශ්වයේ පිරිස් එම ප්‍රකාශය සමච්චලයට ලක් කළා. ඒ වගේම හර්ෂ ද සිල්වාගේ එම ප්‍රකාශය ජනාධිපතිවරයාත් හැල්ලුවට ලක්කළා. කෙසේ නමුත් ලංකාවේ පැවැත්ම සඳහා ඉන්දියාව සමග හොද ජාත්‍යන්තර සම්බන්ධතාවයක් පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම ඉන්දියාව වැනි රාජ්‍යයක් සමඟ සමීපව වැඩ කටයුතු කිරීම ලක් රජයේ යුතුකමක් සහ වගකීමක්. ඉන්දියාව සමඟ සිදුකරන වෙළඳ ගනුදෙනු වලිදී විශේෂ අවදානයක් යොමු කළ යුතුව තිබෙනවා. ඒ වගේම ඉන්දියානු වෙළඳපොල හරහා ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම ලංකාවේ ආර්ථිකයට එය හානි නොවන පරිදි පවත්වාගෙන යාමත් ලක් රජය කටයුතු කළ යුතුයි. ඒ වගේම හර්ෂ ද සිල්වා ඉන්දියාවට සිනා නොවිය යුතු බව ප්‍රකාශ කළාට පසුව ආණ්ඩු පාර්ශ්වයේ පිරිස් එම ප්‍රකාශය සමච්චලයට ලක් කළේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව නොදැනුවත්කම නිසා වෙන්න පුලුළුන්. කෙසේ නමුත් ශ්‍රී ලාංකිකයන් ලෙස රටේ අවශ්‍යතා පිළිබඳව මීට වඩා දැනුම්වත් විය යුතුව තිබෙනවා. ඒ වගේම ඉන්දියාවේ එඩ්කා ගිවිසුමට විරුද්ධ වුණේ වර්තමාන රජයේ උදවිය. ඒ වගේම පසුගිය කාලයේ පැවැති ආණ්ඩු කාලයේ ලංකාවට පැමිණි ඉන්දියානු ආයෝජනවලට විරුද්ධ වුණේ වර්තමාන රජයේ උදවිය. ඉන්දියාව දෙස වපර ඇසින් බැලුවේ වර්තමාන රජයේ උදවිය. ඒ අනුව වර්තමාන රජයේ උදවිය ඒවැනි දේවල් ඉදිරියට නොකරයි කියලා අපි විශ්වාස කරනවා. රටේ දියුණුව සඳහා ඒ දේවල් තේරුම් ගෙන කටයුතු කරන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ලංකාවට කොරෝනා වසංගතය පැමිණි අවස්ථාවේ ඉන්දියාවෙන් විශාල ආධාර තොගයක් ලංකාවට ලබාදුන්නා. ඒ වගේම ඇමරිකානු ඩොලර් බිලියන 7 ක පමණ ආධාර ලබාදි තිබෙනවා. වසරකට ඇමරිකානු ඩොලර් ගණනාවක සහාය ඉන්දියාව නොයෙකුත් ආකාරයෙන් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ලංකාව පිළිබඳව එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තාව දෙස ලංකාව පුලුල් මනසකින් බැලිය යුතුයි. එවැනි වාර්තාවල පිළිගත හැකි මානව හිමිකම් උල්ලංඝනය වී තිබෙනවානම් ලංකාවේ පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්න සියලුම දෙනා ඒකරාශි විය යුතුයි. එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලයේදී ලංකාවට යම් චෝදනාවක් එල්ල වෙනවානම් ඒ දෙස පුලුල් මනසකින් බලා ලංකාවේ පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය ඉදිරිපත් කර තිබෙන වාර්තා බොහෝ දෙනෙකු දකින්නේ වැරදි ආකාරයටයි. කෙසේ නමුත් එම වාර්තාවල සඳහන් වන්නේ ලංකාවේ සමස්ත පුරවැසියන්ට සිදුවන අසාධාරණයයි. එයින් වෙන්නේ රටට , රටේ පුරවැසියන්ට හොද දෙයක්. වර්තමාන ආණ්ඩුව රටේ ජනතාවට ආරක්ෂාව සලසා නොදෙනවානම් ජාත්‍යන්තරය හෝ ඒවා පෙන්වා දීම හොද දෙයක්. ඒ වගේම රටේ මානව හිමිකම් රැක ගැනීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය ඕනෑම සහායක් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය ඉදිරිපත් කර ඇති වාර්තාවේ ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව සඳහන් වෙලා තිබෙනවා. එහි යම් යම් සිමාවන් ඇති විය යුතු බව එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය යෝජනා කර තිබෙනවා. කෙසේ නමුත් ඒ හරහා ලංකාවේ පුරවැසින්ට නරක දෙයක් සිදුවන්නේ නෑ. මෙවැනි දේවල් මීට පෙරත් සිදුවෙලා තිබෙනවා. ඒ වගේම රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ ලංකාවට පැමිණි ආයෝජකයන් කෝටා ලබාදුන්නේ ලංකාවේ කර්මාන්තශාලා වල වැඩකරන සේවක සේවකයන්ට හොදින් සැලකපු නිසයි. එ් පිළිබඳව ආයෝජකයන් සැම විටම සොයා බැලුවා. ඒ හරහා ලංකාවේ ඇඟලුම් සේවක සේවිකාවන්ට යහපතක් සිදුවුණා. ඒ නිසා ජාත්‍යන්තරය දෙස වපර ඇසින් නොබලා ජාත්‍යන්තරයෙන් ඉගෙන ගත යුතු දේවල් ඉගෙන ගෙන රටේ ජනතාවට සාධාරයක් ඉටු කිරීමයි. ඒ වගේම එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලයට යාමට පෙර ලක් රජය පෙර සුදානමක් ඇතිව සහභාගි වීමද වැදගත් වෙනවා. ඒ වගේම ලංකාවේ පවුල් වලින් සියයට 16 ක් ඔවුන්ගේ ආහාරවේල ගණන අඩු කරලා එක ආහාර වේලකට පමණක් සිමාවෙලා තිබෙන බව එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය වාර්තා කර තිබෙනවා. ඒ වගේම මන්දපෝෂණ තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ යන බව සඳහන් වෙනවා. ආණ්ඩුව බලය ලබාගැනිමේදී අඩු ආදායම්ලාභි ජනතාවට පොරොන්දු ගණනාවක් ලබාදුන්නා. ආණ්ඩුව සංදර්ශනාත්මක දේශපාලනය කරනවා වගේම රටේ ජනතාවගේ කුසගින්න නිවන්නත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ආණ්ඩුව කළ යුත්තේ ජනතාව ගැන සොයා බැලීමයි එසේ නොමැතිව විපක්ෂයට විවේචන එල්ල කරන්න නෙවෙයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img