Saturday, August 15, 2026
HomeNEWSAI ගැන අරලියගහ මන්දිරයේදී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

AI ගැන අරලියගහ මන්දිරයේදී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් ඊයේ (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.‘AI for Transforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා අමාත්‍යාංශ දහයක විධායක නිලධාරීහු එක්ව සිටියහ.රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම යන අරමුණු ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, ඒ වෙනුවෙන් රාජ්‍ය සේවය සූදානම් විය යුතු බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී සඳහන් කළේය.කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම තුළින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ගනිමින් ජනතාවට වඩා හොද සේවාවක් ලබාදීමට අවධානය යොමු කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ, සමිස අබේසිංහ යන මහත්වරු ඇතුළු එම ආයතනයේ නිලධාරීහු මෙම වැඩමුළුවට සම්පත්දායකත්වය සැපයූහ.කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස මහතා, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල විධායක නිලධාරීහු මෙම වැඩමුළුවට සහභාගි වූහ.ජනාධිපති මාධ්‍ය අංශය2025.08.17

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සමුපකාර ව්‍යාපාරය සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි-ජනපති

සමුපකාර ව්‍යාපාරය වෙළෙඳපොළ තුළ සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේදී...

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img