අම්බලංගොඩ කන්දෙගොඩ ප්රදේශයේ දී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර ඇත.
පසුගිය 5වනදා රාත්රියේ ත්රිරෝද රථයකින් කූලී ගමනක් ගොස් එම ත්රිරෝද රථය ඥාතියෙකුගේ නිවසසේ නවතා, නැවත නිවසට එන අතරතුර කන්දෙගොඩ දුම්රිය හරස් මාර්ගය අසල දී එම පුද්ගලයාට පහර දී ඇති බව අනාවරණය වී තිබේ.
පසුව තුවාලකරුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා කරාපිටිය රෝහලට යොමුකිරීමේ දී මිය ගොස් ඇත.
පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයාට අතින් පයින් පහරදී තුවාල සිදුකර තිබු බවය.
මෙලෙස මිය ගොස් ඇත්තේ 71 හැවිරිදි කන්දෙගොඩ අම්බලන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනය සම්බන්ධයෙන් කන්දෙගොඩ අම්බලන්ගොඩ ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (07) බලපිටිය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.






















