ඉදිරි පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට මාර්තු 31 වැනිදා ට පෙර ඉල්ලුම්පත් යොමු කිරීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසරි ජයසේකර මහතා පවසයි.
පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ පක්ෂ මුලස්ථනයේදී පැවැත්විය.
එම අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිසට අත ඔසවා සිය ආචාරය දැක්වු අතර, රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වීය.
“පළාත්සභා මැතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකත්වය ඉල්ලලා සෑහෙන පිරිසක් අයඳුම්පත් එවලා තියෙනවා. ඒ වගේම අපි දැනුම් දෙනවා මේයට කැමති අයට අයඳුම් එවන්න කියලා. ඒ නිසා පළාත්සභා මැතිවරණය සඳහා සුදානම් වීම තියෙනවා. අයඳුම්පත් ගන්න මාසයක කාලයක් තිබුණත් විශාල ප්‍රමාණයක් අපිට ලැබිලත් තියෙනවා. ඒ අනුව පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.“






















