Tuesday, August 18, 2026
HomeNEWSකොවිඩ් P 1 ප්‍රභේදය ගැන අනාවරණයක්

කොවිඩ් P 1 ප්‍රභේදය ගැන අනාවරණයක්

බ්‍රසීලයෙන් හමුවී ඇති කොවිඩ් -19 නව ප්‍රභේදයක් හේතුවෙන් එරට දෛනික ආසාදිතයින් සහ මරණ ඉහළ යමින් පවතින බව විශේෂඥයෝ පවසති.

P 1 ලෙස හඳුන්වා ඇති එම කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරෙන බවට හඳුනාගෙන ඇත.  

ඊයේ (10) එරටින් කොවිඩ් මරණ 2,286ක් වාර්තා වී ඇති අතර එරටින් දෛනික මරණ 2,000 ඉක්මවා වාර්තා වී ඇත්තේ පළමු වරට ය.

මේ වන විට එරට සමස්ත කොවිඩ් මරණ ගණන 268,370කි.

එය ලොව දෙවැනි වැඩිම කොවිඩ් මරණ වාර්තා වී ඇති රට වේ. කොරෝනා මරණ වැඩියෙන් ම වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙනි.

මූලික දත්ත අනුව පෙනීයන්නේ P 1 කොවිඩ් වෛරස් ප්‍රභේදය මුල් ප්‍රභේදයට වඩා දෙගුණයක් වේගයෙන් පැතිර යන බවය. 

එසේම කොවිඩ් වෛරසය ආසාදනය වී සුවවූ පුද්ගලයෙක් ගේ සිරුරේ ඇතිවන ප්‍රතිශක්තිය මඟහැර එම පුද්ගලයා ව නැවතත් ආසාදිතයෙක් බවට පත්කිරීමට එම නව ප්‍රභේදයට හැකියාව ඇති බව වෛද්‍යවරු පවසති.

එබැවින් P 1 ප්‍රභේදය නැවත ආසාදනයවීමට 25% ත් 60% ත් අතර හැකියාවක් පවතී.
 
නමුත් මෙම ප්‍රභේදය කොව්ඩ් එන්නත් මගින් පාලනය කළ හැකි බවට හඳුනාගෙන තිබේ.

බ්‍රසීලය මෙතෙක් ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම අරඹා නැත. එන්නත්කරණ වැඩසටහන කඩිනමින් ආරම්භ නොකළහොත් එරට තත්ත්වය තවත් දරුණු විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමගම බොරතෙල් මිල යළි ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ සාකච්ඡා සදහා බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපතිගෙන් අනතුරු ඇගවීමක්.යලිත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො...

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img