Tuesday, August 18, 2026
HomeNEWSසෙට්ටිකුලමේ දී පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

සෙට්ටිකුලමේ දී පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

පුරවසන්කුලම විශේෂ කාර්ය බලකා නිලධාරීණ් හා සෙට්ටිකුලම පොලීස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (10) සවස 3ට පමණ එම වැටලීම සිදුකර ඇති අතර සෙට්ටිකුලම පොලිස් වසමේ රංකෙත්ගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කළුගල් වැඩපලක බලපත්‍ර කල් ඉකුත්ව තිබිය දී එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට පත් ද්‍රව්‍ය අතර, ගල් වෙඩි බෙහෙත් කිලෝ 3ක්, ආරක්ෂිත සේවා නූල් මීටර 291 යි සෙන්ටිමීටර 93ක්, වෝටර් ජෙල් 48ක්, සාමාන්‍ය ඩෙටනේටර් 11ක් හා ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ 149ක් ද වේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 64ක් වු එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි.

සැකකරු අද (11) වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමගම බොරතෙල් මිල යළි ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ සාකච්ඡා සදහා බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපතිගෙන් අනතුරු ඇගවීමක්.යලිත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො...

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img