Tuesday, November 10, 2026
HomeNEWSපළාත් 06ක ගොවි ජන සේවා මධ්‍යස්ථාන 47කට කෘෂි යන්ත්‍රෝපකරණ .......

පළාත් 06ක ගොවි ජන සේවා මධ්‍යස්ථාන 47කට කෘෂි යන්ත්‍රෝපකරණ …….

පළාත් 06ක ගොවිජන සේවා මධ්‍යස්ථාන 47කට කෘෂි යන්ත්‍රෝපකරණ බෙදාදීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 250කි.

හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගොවීන් දිරිමත් කිරීම හා ඵලදායීතාව ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහා ක්‍රියාත්මක “දේශගුණික සුහුරු වාරි කෘෂි ව්‍යාපෘතිය” යටතේ ගොවිජන සේවා මධ්‍යස්ථානවලට මෙම යන්ත්‍රෝපකරණ බෙදා දෙනු ලැබේ.

අස්වනු නෙළීමේ යන්ත්‍ර, වල් නෙළීමේ යන්ත්‍ර, ගොයම් කැපීමේ යන්ත්‍ර, බීජ තවාන් යන්ත්‍ර, අශ්ව බල 45 ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍රෝපකරණ වර්ග 7ක් මීට ඇතුළත්ය.  උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ, ඌව සහ දකුණු පළාත්වලට අයත් දිස්ත්‍රික්ක 11ක ගොවි ජන සේවා මධ්‍යස්ථාන 47කට මෙම යන්ත්‍රෝපකරණ ලබාදීමට සැලසුම් කර ඇත.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්  ඩී.එම්.එල්. බණ්ඩාරනායක යන මහත්වරු සහ ගොවි සංවිධාන  නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img